මදේ නැති රේඩියෝව දීලා පන්දහසක් පොලියට අරන්

350

නිතරම අතමිට සරු ගුණසේන ළඟට ගමේ බොහෝ අය එන්නේ හදිසි මුදල් අමාරුකම් පිරිමසා ගැනීමටය.

කාලයාගේ ඇවෑමෙන් පොලිසියට මුදල් දෙන තැනට ඔහු එක් වුණේද ගමේ මිනිසුන් නිසාමය.

‘‘අතේ සතේ නෑ අරුණි. පෙන්ෂන් එක ගන්නකන් වියදමටවත් සල්ලි නෑ. ප‍්‍රදීප් සිය බිරිඳට කීවේ බිරිඳගේ නුවණින් පොටක් පාදා ගැනීමේ අදහසිනි.

‘‘මටත් ඉල්ල ගන්න කියලා කෙනෙක් නෑ. අරුණි කියා සිටියාය.

‘‘අර අපේ පරණ රේඩියෝව කෝ’’ ප‍්‍රදීප් නින්දෙන් අවදි වූවෙකු සේ ඇසුවේ හිතට ‘‘මරු’’ අදහසක් මතු වූ බැවිනි.

අරුණි ගොස් පරණ බඩු ගොඩගසා තිබූ පැරණි කුස්සිකෑල්ලෙන් පරණ රේඩියෝව සොයාගෙන ආවේ එහි තිබු මකුළු දැල් රෙදි කඩකින් පිසදමමිනි.

‘‘මේක හේනෙ මාමට දෙමු. දීලා පන්දාහක් පොලියට ගමු’’ ප‍්‍රදීප් රේඩියෝව පලූකර ටිකක් බර ලී කොටයක් ඊට ඇතුළත් කර ඇණ ටික තද කළේය.

බිරිඳවත් යතුරු පැදියට ගොඩකරගෙන ගුණසේන නම් හේන මාමාගේ නිවසට ගිය ප‍්‍රදීප් රේඩියෝව උගසට තබා රුපියල් 5000 මුදල අතට ගත්තේ වෙව්ලමිනි. එසැනින් හේන මාමාගේ නිවසින් දෙදෙනා ගියේ ඊගහක වේගෙනි.

ගනුදෙනුව අතට ගත් දෙදෙනා නිවසට පැමිණ ගත වූයේ පැය භාගයකි.

රේඩියෝවත් රැුගෙන හේන මාමා දොරඩකය.

‘‘මහත්තයා බලූ වැඩ කරන්න එපා. රේඩියෝවේ මදේ නෑ’’ හේන මාමා දෝස්මුරය පටන් ගත්තේ එලෙසිනි.

‘‘දැන් කරන්න දෙයක් නෑ මාමා. මම පෙන්ෂන් ගත්තහම රුපියල් 6000ක්ම දෙන්නම්’’ ප‍්‍රදීප් කීවේ හේනෙ මාමා අන්ත අසරණ වන අතරතුරය.

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment