මධ්‍යම අධිවේගයේ දුෂණයක් නැහැ – ඇමැති ජොන්ස්ටන් කියයි

147

* එය තවමත් ප‍්‍රසම්පාදන මට්ටමේ

 මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440ක දූෂණයක් වන බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා නගන චෝදනාවල කිසිදු සත්‍යක් නැතැයි මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

 මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු පිළිබඳව තවමත් ප‍්‍රසම්පාදන මට්ටමේ පවතිද්දී දූෂණයක් සිදුවී ඇති බවට චෝදනා කිරීමේ හැකියාවක් නැතැයි ඇමැතිවරයා කියා සිටී.

 ”රු.කෝටි 16,400 ක අධිවේගී ගැහිල්ලක්” යන සිරිස්තලය යටතේ ඊයේ (21 දා) ‘දිවයින’ පුවත්පතේ පළවූ ප‍්‍රධාන පුවත පිළිබඳව පැහැදිලි කිරීමක් එවමින් ඇමැතිවරයා මේ බව දන්වා සිටී.

 ඊට අදාළ පැහැදිලි කිරීමේ මෙසේ ද සඳහන් වෙයි.

 අද විශේෂයෙන්ම මෙම මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කලේ ජාතික පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය වල දූෂණ විරෝධී හඬ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහත්මයා චෝදනාව වගයක් කරලා තියෙනවා පුවත්පත් වල. මෙම පුවත්පත් වල කෝටි ගණනාවක විශාල දූෂණයක් වෙලා තියෙනවා කියලා. මෙහි කිසිදු දූෂණයක් සිදු වී නොමැති අතර එසේ ඔවුන් චෝදනාවක් කිරීමටවත් හැකියාවක් නොමැති අතර මෙය තවම ප‍්‍රසම්පාදන මට්ටමේ පවතින්නේ. එම නිසා කිසිදු දූෂණයක් සිදු වී නොමැති අතර පට්ටපල් බොරුවක් හිටපු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ ප‍්‍රකාශ කරලා තියෙන්නේ. ඊළ`ගට ඔහු කියනවා එම්.සී.සී. කියලා සමාගමක් ගැන. එම සමාගම ගැන ඔහු කියද්දී මං අද ඇවිල්ල අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් ඇහුවා ඒකට මොන සමාගම්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔය කියන එම්.සී.සී. කියන සමාගම ටෙන්ඩරයට ඉදිරිපත් වෙලා නැහැ. කටුනායක අධිවේගී මාර්ගය එහෙම නැත්නම් පිටත වටරවුම් මාර්ගය හදපු සමාගම කිසිසේත් මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වෙලා නැහැ. ටෙන්ඩරය සඳහා සමාගම් 4ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සමාගම් වලින් අනිත් සමාගම් 2ක පිළිබඳව ඔවුන් කතා කරන්නේ නැහැ. එම්.සී.සී. සමාගම මේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලාවත් නැහැ. වසන්ත හිටපු මන්ත‍්‍රීතුමාට මතක් කරන්න කැමතියි ඔබතුමාගේ නායක අනුර දිසානායක මන්ත‍්‍රීතුමා වාඩි වෙලා හිටපු ආණ්ඩුව දුන්න වටරවුම් පාරේ මංතීරු හයක් බිලියන 66කට එදා කොන්ත‍්‍රාත් දීලා තිබුණා. ඔවුන් ඒ මංතීරු හයෙන් මංතීරු දෙකක් අඩු කරලා මංතීරු 4ක් හදලා බිලියන 66කට දුන්න සමාගම. ඒ නිසා වසන්ත මහත්මයට මතක් කරන්න කැමතියි, ඇඟිල්ලක් දික්කරද්දි ඒ අයට ඇඟිලි හතරක්ම ඔවුන් කෙරෙහි දික්වෙලා තියෙන්නේ.

 ඊළඟට ඔහු කතා කරන සමාගම තමයි කඩවත සිට මීරිගමට යහපාලන ආණ්ඩුවේ පළවෙනි මාස තුනේ අපේ්‍්‍රල් මාසෙ වෙද්දි දුන්නා. ඒ දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙ ලක්ෂ 25,000කට කිලෝ මීටරයක් දෙන්න තිබුණ ඇස්තමේන්තු කරලා තිබුණ එකක් ලක්ෂ 43,000 ගාණේ. ඒ කියන්නේ ලක්ෂ 18,000කට වැඩියෙන් එක කිලෝමීටරයක් දුන්නු සමාගමක් ගැන තමයි නියෝජනය කරන්නේ. මම පුදුම වෙන්නේ නෑ ඒ සමාගමම ඔහුට මතක් වීම ගැන. ඒ සමාගම ගැනමයි ඔහුට මතක් වෙන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ දූෂණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. රජය හරහා කිසිම දූෂණයක් අපේ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි එතුමාගේ ප‍්‍රතිපත්තිය. මම මතක් කරනවා වසන්ත මන්ත‍්‍රීතුමාට, එතුමා අල්ලස් කොමිසමට ගිහින් පැමිණිලි කරනවා, උසාවි යනවා කියලා කියනවා. ඇයි එතුමා යහපාලන ආණ්ඩුව කාලේ බිලියන 66ට මංතීරු 6ක් මංතීරු 4ට අඩුකරලා බිලියන 66කට දෙද්දී ඇයි අල්ලස් කොමිසමට ගියේ නැත්තේ? ඇයි උසාවි ගියේ නැත්තේ? ඊළඟට කඩවත සිට මීරිගමට අධිවේගී මාර්ගය ලක්ෂ 25,000 ට තිබුණ එක ලක්ෂ 43, 000ට දෙද්දී ඇයි අල්ලස් කොමිසමට ගියේ නැත්තේ, ඇයි උසාවි ගියේ නැත්තේ කියලයි අපි අහන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම පේන්නේ මේ ගොල්ලෝ කාගෙන් හරි සල්ලි අරගෙන ඒ සමාගම නියෝජනය කරනවා කියන එක අපි පැහැදිලිවම මේ රටේ ජනතාවට කියනවා. අපි කියනවා කිසිම දූෂණයක් වෙලා නෑ. සිද්ධ වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. තවම ප‍්‍රසම්පාදන කටයුතු කරගෙන යනවා. ඔවුන් මේ නුවරට, කන්ද උඩරට ජනතාවට හදන්න තියෙන පාර ප‍්‍රමාද කිරීමේ චේතනාවෙන් තමයි මේ හැමදෙයක්ම කරන්නේ. අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිතුමාගේ ප‍්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ තමයි ඉක්මනින් අධිවේගී මාර්ග ටික සහ කිලෝමීටර් ලක්ෂයේ මාර්ග ටික හදන්න තියෙන වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම. ඒ නිසා අපි සම්පූර්ණයෙන් මේ චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා. ප‍්‍රසම්පාදන කටයුතු ඉවර වුණාට පස්සේ එහි වැරැුද්දක් තියනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඕනේ කෙනෙකුට උසාවි යන්න පුළුවන්. අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ තමයි මේ රටේ නීතිය. හැබැයි ප‍්‍රසම්පාදන කටයුතු සිදුවෙද්දි කවුරුහරි බලපෑම් කරනවා නම්, මේකත් බලපෑමක්. අපි වසන්ත මහත්මයාට කියනවා මේකත් බලපෑමක්. ප‍්‍රසම්පාදන කටයුතු කරගෙන යද්දි යම් දෙයකට ඔවුන් බලය පාවිච්චි කරනවා නම් ඔහු කරන්නේ බලපෑමක්. කිසිසේත්ම වරදක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉඩ තියන්නේත් නැහැ. කරුණාකරලා බොරු චෝදනා පටලවන්නේ නැතුව ඇත්ත හොයාගෙන කතා කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment