මධ්‍යම අධිවේගය මංතීරු 4ක් කර රටට කෝටි 990 ක් ඉතිරි කර දුන්නා – කබීර් හෂීම්

189

ජොන්ස්ටන් කියන්නේ පට්ටපල් බොරු

යහපාලන ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයෙන් කෝටි ගණනකින් ගසා කෑවා යැයි මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කළ කතාව පට්ටපල් බොරුවක් බවත් එම මාර්ගයේ මංතීරු හය හතරක් දක්වා අඩු කොට ඉදිකිරීමෙන් රටට රුපියල් කෝටි 990 ක් ඉතිරි කර දුන් බවත් සමගි ජන බලවේගය මන්තී‍්‍ර කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) කීය. එවැනි මුදලක් ඉතිරි කරදුන් බවට එම මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා තහවුරු කළ බවට ලේඛන ඇති බව එම මාර්ගය ඉදිකළ ඕසීඑච් සමාගමේ අධ්‍යක්ෂවරයා කෝප් කමිටුවේදී තහවුරු කළ බව ද මන්තී‍්‍රවරයා පැවසීය.මෙම ඉතිරි කිරීම රජයට ලැබීම මත කඩවත අන්තර් හුවමාරුව ඉතා අලංකාර ලෙස ඉදිකිරීමට ද හැකි වූ බව ද මන්තී‍්‍රවරයා සඳහන් කළේය. මේ වනවිට රට තුළ විශාල ආර්ථික අර්බුදයක් තිබියදී මධ්‍යම අධිවේගයට මුදල් වියදම් කිරීමේදී කෝටි 16800 ක වංචාවක් සිදුවීමට නියමිත බවට චෝදනා කළ හෙතෙම එම වංචාව නැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment