මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය – ශ්‍රී ලංකා කාන්තාවෝ බංග්ලාදේශයත් පරාජය කරති

202

2023 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පෙරේදා (25 වැනිදා) පැවති තරගයෙන් වට 3-0ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය එය වූ අතර මීට පෙර ඔවුහු මාලදිවයින ට එරෙහිව ජයග්‍රහණය ලැබූහ.

නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය යටතේ පැවති තරග තුනෙන් දෙකක් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් 8 සිට 5 වැනි ස්ථාන තීරණය කරන තරග වටය යටතේ ශ්‍රී ලංකාවට තරග වදින්නට සිදු විය.

ඒ අනුව ශ්‍රී ලංකාව එම වටය යටතේ මුහුණ දුන් පළමු තරගය මෙය වූ අතර එහිදී 25-16, 25-15 සහ 25-7 වශයෙන් ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ 5 සහ 6 වැනි ස්ථාන සඳහා වන තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එම තරගය අද (27 වැනිදා) කිර්ගිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment