මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කෙල්ලෝ බලය අල්ලති

309

75 වැනි නිදහස් උළෙලට සමගාමීව ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය විසින්  සංවිධානය කළ ‘නිදහස් සමරු කුසලාන මධ්‍යම ආසියානු බීච් වොලිබෝල්  තරගාවලියේදී’ කාන්තා අංශයේ ශූරතා, අනුශූරතා සහ තෙවැනි ස්ථානය යන ජයග‍්‍රහණ ති‍්‍රත්වයටම හිමිකම් කීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම  සමත්වූවාය.

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කෙල්ලෝ බලය අල්ලති

මීගමුව වෙරළ තීරයේදී පසුගිය 20 වනිදා පැවැති අවසන් මහා තරගයේදී කාන්තා ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට පළමු කණ්ඩායම නියෝජනය කරමින් දීපිකා බණ්ඩාර, දිනේෂා ප‍්‍රසාදිනී සහ තෙවැනි කණ්ඩායම නියෝජනය කරමින් ෂෙහානි අසංගා, සුලෝචනා ජයවර්ධන සමත්වූවාය. එ් අනුව පැවැති අවසන් මහා තරගයේදී දීපිකා සහ දිනේෂා ලකුණු 21-16ක් සහ ලකුණු 21-08ක් ලෙස සුලෝචනා සහ ෂෙහානි පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගත්තාය.

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කෙල්ලෝ බලය අල්ලති

තරගයේ කාන්තා ඉසව්වේ තෙවැනි ස්ථානය වෙනුවෙන් කි‍්‍රයාත්මක තරගය සඳහා මාලදිවයින දෙවැනි කණ්ඩායම නියෝජනය කරමින් අමිනාත් රුධයිනා සහ හව්වා නසීම් සුදුසුකම් ලැබූ අතර ශී‍්‍ර ලංකාව කාන්තා දෙවැනි කණ්ඩායම නියෝජනය කරමින් හෂිනි මල්ෂා සහ චතුරිකා වීරසිංහ සුදුසුකම් ලැබුවාය. එම තරගයේදී ලකුණු 21-04ක් සහ ලකුණු 21-09ක් ලෙස ජය වාර්තා කිරීමට හෂිනි සහ චතුරිකා සමත්වූවාය.

 මේ අතර පිරිමි අවසන් මහා තරගය ශී‍්‍ර ලංකා තෙවැනි කණ්ඩායමේ අංජන සංදීපන සහ සඳුන් මදුසංක සමගත් ඉරාන පළමු කණ්ඩායමේ මොජිටබා ආරෝ සහ සේකරෙයි අතර පැවැත්විණි. එම තරගය ලකුණු 21-12ක් සහ 21-16ක් ජයගනිමින් ශූරතාවය දිනා ගැනීමට ඉරාන කණ්ඩායම සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment