මධ්‍යම කදුකරය ගින්නෙන් වනසති

247

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ජල හිගයක් ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත.

මේ වන විට වටවල, රෝසැල්ල, හැටන්, ඩෙවන්, කුයිල්වත්තල වැනි ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් වැඩි විමත් සමග මෙම තත්වයන් උදාවි තිබෙන බව දිවයින ප‍්‍රාදේහීය වාර්තා කරු කියා සිටී.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල සමහර පිරිස් පවසනුයේ සමහර පුද්ගලයන් විනෝදයට මෙන්ම එම කැලැ තුල ජිවත් වන සාවුන්ල මීමින්නන්ල වැලි මුවන්ල වැනි සතුන් දඩයම් කිරිමේ අරමුණ මත මෙම කැලැ ගිනි තැබිම් සිදු කරන බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment