මධ්‍යම කඳුකරයට  කඩින් කඩ වැසි

72

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ අධික වර්ෂාව පතිත වෙමින් පවතියි.

අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී ඇති අතර, අධික වර්ෂාව එළවළු වගාවට සහ තේ වගාවට බලපෑම් එල්ල කරන බව ගොවීහු පැවසූහ.

නුවරඑලිය – නාලක රත්නායක

 

advertistmentadvertistment
advertistmentadvertistment