මධ්‍යම කඳුකරයට දැඩි වැසි – නෝටන්බි්‍රජ් ෂෙඩ් එක ළඟ නායයයි  – වාහන හා පොම්පයක් මතට පස් කන්ද කඩා වැටෙයි

390

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට  10 දා රාත්‍රී සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග නෝටන්බි්‍රජ් නගරයේ ඉන්ධන පිරවුම් හල අසල නාය යෑමක් සිදුව තිබේ.

මධ්‍යම කඳුකරයට පවතින වර්ෂාධික තත්ත්වයත් සමග ඊයේ (12 දා) උදෑසන නෝටන්බි්‍රජ් ඉන්ධන පිරවුම් හලට ඉහළින් පිහිටි කන්දක් නාය යෑමෙන් එම ඉන්ධන පිරවුම් හලේ කොටසකට හානි සිදුව තිබේ.

ඉන්ධන පිරවුම් හලේ ගරාජයේ ගාල්කර තිබූ යතුරුපැදි දෙකක්, ත්‍රීවීල් රථයක් හා භූමිතෙල් පොම්පය මතට මෙම පස් කන්ද කඩා වැටීමෙන් ඒවාට හානි වූ බව නෝටන්බි්‍රජ් පොලිසිය පවසයි. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නැත.

නෝටන්බි්‍රජ්-ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ අට්ලිස් ප්‍රදේශයේදී පස් කන්දක් පෙරේදා (10) රාත්‍රී මාර්ගය මතට කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා පැමිණ ඇති බව නෝටන්බි්‍රජ් පොලීසිය වැඩිදුරටත් පවසයි.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ඉහළ නඟිමින් පවතියි. අධික වර්ෂාවත් සමග නෝටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර පොකුරු ජලාශය 10 දා රාත්‍රී සිට වාන් දැමීමට පටන්ගෙන ඇත. සිරිපා රක්‍ෂිතයේ දිය ඇලි ද සක්‍රීය වී තිබේ.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment