මධ්‍යම කඳුකරයේ රක්‍ෂිත වනසන ගිනි තැබීම්: – ජල මූලාශ්‍ර සිඳීයෑමේ තර්ජනය උග්‍රවෙයි

43

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි ප්‍රදේශවල ස්වභාවික ජල මූලාශ්‍ර සහිත රක්ෂිත හා මානා පතන්වලට ගිනි තැබීමට පටන්ගෙන ඇති නිසා එම ජල මූලාශ්‍ර සිඳීයෑමේ තර්ජනයට ලක්ව ඇති බව පරිසරවේදීහූ පෙන්වා දෙති.

මේ දිනවල මධ්‍යම කඳුකරයට පවතින වියළි කාලගුණික තත්වයත් සමග වන සතුන් දඩයමේ යෙදෙන පුද්ගලයන් හා ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් මෙම ගිනි තැබීම් සිදු කරන බවට ප්‍රදේශයේ ජනතාව පවසති.

ඉකුත් සති කීපය තුළ මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශ රක්ෂිතයේ පිහිටි යුකැලිප්ටස් වන වගාවකට හා කාසල්රී ජලාශ රක්ෂිතයේ මානා පතන්වලට මෙම පිරිස් විසින් ගිනි තැබීම හේතුවෙන් අක්කර සිය ගණනක් විනාශයට පත් විය.
මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment