මධ්‍යම පළාත් පාසල් බාලිකා බොක්සිං ශූරතාව මහනුවර හේමමාලි බාලිකාවන්ට

115

පිළිමතලාව ධීරානන්ද මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේදී පවත්වන ලද මධ්‍යම පළාත් පාසල් බාලිකා බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “අතුල ජයවර්ධන අභියෝග කුසලාන”ට හිමිකම් කියන්නට මහනුවර හේමමාලි බාලිකා විදුහල නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එකී අනුශූරතාව සිරි පැරකුම් විදුහලට හිමි වූ අතර දෙවන අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට පිළිමතලාව ධීරානන්ද මධ්‍ය මහා විදුහලට සිදු විය. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පිළිමතලාව ධීරානන්ද මධ්‍ය මහා විදුහල නියෝජනය කළ අමීෂා ජයතිලක සම්මානය ලැබූ අතර පොරමඩුල්ල මධ්‍ය මහා විදුහල නියෝජනය කළ ආර්. එම්. වී. වී. ජේ. ජී. රත්නායක දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

මධ්‍යම පළාත් පාසල් බොක්සිං සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම තරගාවලිය පුරා දින තුනක් තිස්සේ ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සඳහා මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ ඉදිරිපත් වී සිටීම කැපී පෙනුණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment