සංස්කෘතික අරමුදලට වාර්තාගත ආදායමක්

163

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රකාශන සහ අනුරූ අලෙවියෙන් 2021 සැප්තැම්බර් 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලයේදී රුපියල් ලක්ෂ 48ක (4,827,666.12) වාර්තාගත ආදායමක් උත්පාදනය කර ගැනීමට හැකිව තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය ඒකකය මගින් එම අරමුදලේ ප‍්‍රකාශන සහ අනුරු අලෙවි කිරීම සඳහා ක‍්‍රමවත් වැඩ පිළිවෙලක් දියත් කරමින් ඒ හා සමගාමීව ප‍්‍රවර්ධන වැඩසටහනක් 2021 සැප්තැම්බර් 01 වන දින සිට ක‍්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව ව්‍යාපෘති 26 ක් ආවරණය කරමින් මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ ගබඩාවල තැන්පත් කර තිබූ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක ඉතාම වටිනා ප‍්‍රකාශන සහ අනුරූ රාශියක් අලෙවි කිරීම ආරම්භ කළ බව ද එම අරමුදල පවසයි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙසේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රකාශන සහ අනුරූ අලෙවියෙන් මෙසේ වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හැකිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment