මන්කිපොක්ස් වැළඳෙන හැටි

210


ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයකින් වාර්තා වී ඇති මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ ආසාදනය කෙනෙකුගේ කෙල ,නාසයෙන් ගලන සොටු දියර ඇතුළු ශ්වසන තරල මෙන්ම ලිංගික ශ්‍රාවයන් හරහා ආසාදිතකුගෙන් වෙනත් අයට ශීඝ්‍රයෙන් පැතිර යන බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නවතම මාර්ගෝපදේශමාලාවේ සඳහන් කර ඇත.
එම මාර්ගෝපදේශමාලාවට අනුව මන්කිපොක්ස් ආසාදිතයෙකුගේ සමෙහි මතුවන පැල්ලම් ,බිබිලිවල කබොළු ස්පර්ශ කිරීමෙන් මෙන්ම ආසාදිතයෙකු වැළඳ ගැනීමෙන් ,සිප ගැනීමෙන් හා සම්බාහනය කිරීමෙන් නිරෝගී අයෙකුට ආසාදනය වැළඳිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment