‘මන්කි පොක්ස්’ පරීක්‍ෂණ කොටඋඩ – රවී කුමුදේශ්

111

‘මන්කි පොක්ස්’ රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් එම පරීක්ෂණ එකවර සිදු කිරීමේ හැකියාවක් මෙම දිනවල නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙරටට පැමිණීමේ අවදානමක් ඇති ‘මන්කිපොක්ස්’ රෝගය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, තාක්ෂණය සහ පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව ඇති වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන් (එම් එල් ටී) මෙරට සිටින නමුදු එම පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොතිබීම බලවත් අඩුපාඩුවක් බව ඔහු සඳහන් කළේය.

‘මන්කිපොක්ස්’ රෝගය හඳුනා ගැනීම සඳහා දැනට පවතින සුදුසුම ක්‍රමය ‘පී සී ආර්’ පරීක්ෂණය වන අතර ඒ සඳහා සුවිශේෂී ‘පී. සී. ආර්’ ප්‍රතික්‍රීයක කට්ටල මෙරටට ගෙන්වා ගත යුතුය. කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සඳහා ආරම්භ කළ සියලුම

රසායනාගාරවල මන්කිපොක්ස් පරීක්ෂාව ද සිදු කළ හැකිවන අතර, ඉදිරියේ දී වෙනත් බොහෝ රෝග හඳුනා ගැනීමට මෙම අනුක ජීවී රසායනාගාර විශාල වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත. කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා වේගයෙන් ඉහත කී රසායනාගාර පද්ධතිය වසා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටීම නිසා, රසායනාගාර සේවා අංශයට සෞඛ්‍ය සේවාවේ අනාගත අවශ්‍යතා පිළිබඳව කිසිදු සැලසුමක්, දැක්මක්, පුරෝකථනයක් හෝ අවම තරමින් හැඟීමක් හෝ නොමැති බව පෙනී යන්නේ යැයි ඒ මහතා කියයි.

එබැවින් මන්කිෆොක්ස් රෝගය හෝ නැවත ඇතිවිය හැකි කොරෝනා වසංගත රැල්ලක දී නැවත රසායනාගාර ඉදි කරන්නට සිදුවන තත්ත්වයකට රසායනාගාර සේවාව ඇද වැටී ඇති බවත් ඒ නිසා, අනවශ්‍ය අනතුරක් නිර්මාණය වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment