මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය ගාල්ලේදී අද ඇරැඹේ

274

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ මන්චි එක්ව සංවිධානය කරන 2022 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය සුපර් ලීග් පිරිමි සහ කාන්තා තරග අද (20 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරග කාන්තා සහ පිරිමි අංශය යටතේ ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ අද සිට ලබන 24 වැනිදා දක්වා ගාල්ල දඩල්ල වොලිබෝල් හවුස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජාතික වොලිබොල් පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 8ක් සහ කාන්තා කණ්ඩායම් 6ක් තරග වැදීමට නියමිතව තිබේ. ඒ අනුව පිරිමි කාණ්ඩය වෙනුවෙන් ජාතික විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ ඕෂන් ලංකා යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

කාන්තා කාණ්ඩය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, හයිඩ්‍රාමනි, ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබේ.

අද සිට ක්‍රියාත්මක වන මූලික වටයේ තරගවලින් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරග ලබන මැයි මස 08 වැනිදා මහරගම ජාතික තරුණ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත්වූ අතර කාන්තා ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment