මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය

155

විදුලිබල මණ්ඩලය, ගුවන් හමුදාව, යුද හමුදා සහ ගුවන් හමුදාව අවසන් මහා තරගයට 2022 මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර කාන්තා අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වූවාය.

මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය

දින පහක් පුරාවට ගාල්ල දඩල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශය සඳහා ප්‍රබල කණ්ඩායම් 7ක් සහභාගි විය. එහිදී මූලික වටයෙන් පසු අවසන් පූර්ව වටය සඳහා යුද හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම, වරාය අධිකාරිය කණ්ඩායම සහ විදුලි බල කණ්ඩායම සුදුසුකම් ලැබීය.

 පිරිමි අවසන් පූර්ව වටයේදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් විදුලි බල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර වරාය අධිකාරිය කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදා කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

 කාන්තා අංශයේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය තේරී පත්විය.

 එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලද අතර හයිඩ්‍රාමනි කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment