මන්චි, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨතම සන්නාමික අපනයනකරු ලෙස ජාතික අපනයන සම්මාන උළෙලේදී අබිසෙස් ලබයි

496
සිලෝන් බිස්කට් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ (ඉංජිනේරු හා තොරතුරු තාක්‍ෂණ) රසිත් වික‍්‍රමසිංහ මහතා සහ අධ්‍යක්‍ෂ / ප‍්‍රධාන විධායක නිලධාරි නලින් බී. කරුණාරත්න මහතා මන්චි සඳහා පිරිනැමණු ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමික අපනයනකරු සම්මානය සමගින්.

මන්චි, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමික අපනයනකරුවා වශයෙන් 29 වැනි ජාතික අපනයන සම්මාන උළෙලේදී (NCE Export Awards) සම්මානයට පාත‍්‍ර විය.

ලොව සෑම මහාද්වීපයක් වෙතම තම නිෂ්පාදන අපනයනය පුළුල් කර ඇති මන්චි මෙරට විශාලතම බිස්කට් අපනයනකරු ලෙසද සැලකෙයි. ජාතික අපනයන මන්ත‍්‍රණ සභාව විසින් සංවිධානය කරනු ලබන NCE ජාතික අපනයන සම්මාන ප‍්‍රදානෝත්සවය ඉකුත්දා කොළඹදී පැවැත්විණ. අපනයන කටයුතුවලදී විශිෂ්ටත්වය දක්වන ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන් ඇගයීමට හා සම්භාවනාවට ලක් කිරීමේ අරමුණින් NCE ජාතික අපනයන සම්මාන උළෙල සංවිධානය කෙරේ. මෙවර සම්මාන උළෙල නැඟිටිමු, යළි ගොඩනගමු සහ යළි හිමිකරගනිමු යන තේමාව පදනම් කොට ගෙන සංවිධානය කර තිබිණ. මේ අතර විශාල පරිමාණ රසකැවිලි අපනයනකරුවන්ගේ අංශයේ විශිෂ්ඨතම අපනයනකරුට පිරිනැමෙන රන් සම්මානය දිනා ගැනීමටද මන්චි සමත් විය. මෙයට ඉහතදී මන්චි සන්නාමයේ මව් සමාගම වන CBL සමාගම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරුවා ලෙස සම්මානයට ලක්ව තිබීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment