මන්ත්‍රීගෙන් අමුතු යෝජනාවක්

662


විදෙස් මුදල්වලට පමණක් ඉන්ධන ලබා දීමට ඉන්ධන හලක් වෙන් කිරීමෙන් අවම වශයෙන් ඩොලර් තුන් හාරසියයක් හරි සොයා ගන්න පුළුවන් යැයි පාර්ලිමෙින්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටී.

විදුලි බල හා බඉල ශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා වෙත යෝජනාවක් කරමින් හෙතෙම මේ බව කියා සිටින අතර මන්ත්‍රීවරයා මෙසේද කියයි.

රට පුරා බොහෝ අය ලඟ යමි යමි ප්‍රමාණයෙන් විදෙස් මුදල් තිබෙනවා.සංචාරක කර්මාන්තයේ නියැලිලා හිටපු මඟ පෙන්වන්නාගේ සිට ඩොලර් හෝ කුමන වර්ගයේ හරි පොඩි ප්‍රමාණයකින් විදෙස් මුදලක් තිබෙනවා.
මෙි සැඟ වී තිබෙන විදෙස් මුදල් ප්‍රමාණය එළියට ගන්න මම යෝජනාවක් කරනවා.සෑම දිස්ත්‍රීක්කයකම එක ඉන්ධන හලක් වෙන් කරනවා විදෙස් මුදල්වලට පමණක් ඉන්ධන ලබා දීමට. (පෙට්‍රල්, ඩීසල්)
එහෙම වුණොත් රට පුරාම අවම වශයෙන් ඩොලර් තුන් හාරසියයක් හරි සොයා ගන්න පුළුවන් .අපට ගණනය කරන්න බැරි තරමෙි විදෙස් මුදලක් ලංකාවෙි නැති වෙන්න විදියක් නෑ.අපි එහෙම තීරණයක් ගත්තොත් සැඟව ඇති ඩොලර් ප්‍රමණයක් ඉන්ධන අවශ්‍යතාවයත් එක්ක එළිය⁣ට එනවා නේද.මගේ මෙි යෝජනාව ගැන සිතා බලන්න.

advertistmentadvertistment
advertistmentadvertistment