මන්ත්‍රීන් බිලිබාන්න මෙච්චර සල්ලි කොහෙන්ද? – මෛත්‍රී කියයි

383

දැනට ඉදිරිපත්වී සිටින ජනාධිපති අපේක්ෂකයන් කිසිවෙකුටත් සහාය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (16 දා) කොළඹදී මාධ්‍ය වෙත පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කියා සිටියේය.

දැන් ජනාධිපති ධුරයට ජනාධිපති අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත්වෙලා ඉන්නවා. රට සහ මහජනතාව වෙනුවෙන් එක තැනකට එන්න බැරිනම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කිසිම ජනාධිපති අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. රට ගොඩ ගැනීමට ඇයි මේ අයට එකතැනකට එන්න බැරි? මේ මොගොල්ලෝ රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් මේ විදිහට බෙදිලා ඡන්දය ඉල්ලන්නේ නැහැ. පාර්ලිමේන්තුව බරපතළ අවුල් සහගත තත්ත්වයකට ඇවිල්ලා.

මේ පාර්ලිමේන්තුව කිසිම විනයක් නැති හැදිච්චකමක් නැති, ශීලාචාරකමක් නැති පාර්ලිමේන්තුවක් විදිහට තමයි පේන්නේ. මේ රටට බෙහෙත් ගේන්න සල්ලි නැහැලු. ආහාර ගේන්න සල්ලි නැහැ කියනවා. ඒ වගේම අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් ගේන්නත් සල්ලි නැහැ කියනවා. මේ මන්ත්‍රීවරුන්ට මේ විදියට මුදල් දෙන්න සල්ලි එන්නේ කොහොමද? කව්ද මේ සල්ලි දෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment