මන්ත්‍රීවරු 53ක් පාර්ලිමේන්තුවෙන් කෑම එපා කියති

236

කථානායකට ලිපියක්

තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන දිවා ආහාරය වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 53 දෙනකුගේ අත්සනින් ඊයේ (19දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් භාර දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම 700ක් පමණ වන කාර්ය මණ්ඩලයටද දිවා ආහාරය සැපයීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට සිදුවන බැවින් වත්මන් අර්බුදකාරී තත්ත්වය නිමවන තෙක් දවස පුරා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පමණක් සාමාන්‍ය මිල ගණන් යටතේ කෑම පාර්සලයක් ලබා දෙන ලෙස ඔවුන් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිස අතර සිසිර ජයකොඩි, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී. දොලවත්ත, කපිල අතුකෝරාල, ජානක තිස්ස කුට්ටිආරච්චි, සහන් ප්‍රදීප් විතාන, ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, ලලිත් වර්ණ කුමාර, සමන්ප්‍රිය හේරත්, අරුන්දික ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත ද සිල්වා, නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ගයාෂාන් නවනන්දන, මධුර විතානගේ, පවිත්‍රා වන්නිආරච්චි කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී වලේබොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රීවරු 53 දෙනෙක් වෙති

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment