මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව පුත්තලම ප්‍රා. ලේකම් කාර්යාල සේවකයෝ විරෝධතාවක

99

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීමේ සිද්ධියට එරෙහිව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය කෑම පැයේ විරෝධතාවක නිරත වූහ.

පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ රජයට අයත් ඉඩමක් නීති විරෝධි අයුරින් පිරිසක් අල්ලා ගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බැලීමට 22 දා සවස පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතා එහි ගිය අවස්ථාවේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම් මහතා විසින් ප්‍රා. ලේකම්වරයාට තර්ජනය කර ඇත. එම සිද්ධියට විරෝධය දක්වා මෙම නිහඬ විරෝධතාව පැවැත්විණි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment