මන්තී‍්‍ර තිස්සකුට්ටිආරච්චිගේ අපහාසාත්මක කතාවකට සභාගැබ මැද අලකලංචියක්

316

ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් මීට පෙර කරන ලද, අපහාසාත්මක ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23 දා* පාර්ලිමේන්තු සභාවේ මැදට පැන පක්ෂ විපක්ෂ මන්තී‍්‍රන් කිහිපදෙනකු අතින් පයින් ගහ ගැනීමට ගිය අවස්ථාවේ වේත‍්‍රධාරීන් සහ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් මැදිහත්ව එම තත්ත්වය වැළකූහ.

තිස්ස කුට්ටිආරච්චි මන්තී‍්‍රවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට අපහාස වන ලෙස අදහස් දක්වමින් කළ කතාව පිළිබඳ ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය තීරණය ප‍්‍රකාශ කළ පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂ මන්තී‍්‍රවරුන් සහ තිස්ස කුට්ටිආරච්චි මහතා අතර වචන හුවමාරුවක් වෙමින් දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී විපක්ෂයේ මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා අදහස් දක්වමින් කුට්ටිආරච්චි මන්තී‍්‍රවරයා මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන්නැයි කියා සිටියේය.

එහිදී චමින්ද විජේසිරි, හේෂා විතානගේ යන මන්තී‍්‍රවරු ද තිස්ස කුට්ටිආරච්චි මන්තී‍්‍රවරයාට බැණ වදිමින් සභාව මැදට පැමිණියහ.

එවිට ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, කංචන විජේසේකර, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු කිහිපදෙනෙක් ද ඉදිරියට පැමිණ බැණ වදින්නට වූහ.

එවිට එම තත්ත්වය සමනය කිරීමට විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ජේ. සී. අලවතුවල, මුජිබර් රහුමාන්, බුද්ධික පතිරණ. සුමිත් උඩුකුඹුර, නලින් බණ්ඩාර යන මැති ඇමැතිවරු පිරිසක් මැදිහත්ව කලහකාරී මන්තී‍්‍රවරුන්ව තම ආසන වෙත යවමින් තත්ත්වය සමනය කිරීමට කටයුතු කළහ.

එහිදී වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත‍්‍රධාරිවරයා මැදිහත්ව ගැටුම දුරදිග යන්නට නොදී සමථයකට පත්කරමින් දෙපාර්ශ්වය විසුරුවා හැරීය. මේ හේතුවෙන් සභාවේ කටයුතු වලට ද විනාඩි කිහිපයක් බාධා විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment