මන්ත‍්‍රීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නීති මාලාවක් අවශ්‍යයි – රනිල් වික‍්‍රමසිංහ

326

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග‍්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ප‍්‍රමිතිය වැඩිකළ යුතු අතරම ජනතා විශ්වාසය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බවද රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ප‍්‍රමිතිය සහ ගුණාත්මකභාවය වැඩි කර ගැනීමට විවිධ ක‍්‍රමවේද අනුගමනය කළ යුතු අතරම පසුගිය දශක කිහිපය තුළම එම ගෞරවය විශාල වශයෙන් බරපතළ අර්බුදයකට ලක් වූ බව හෙතෙම පැවසීය.

එමෙන්ම රටේ ආර්ථිකය තක්සේරු කිරීමට ක‍්‍රමවේදයක් ගෙන ඒම වැදගත් බවත්, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් අදාළ ආර්ථික සංඛ්‍යාලේඛන, වාර්තා ආදිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව ආරම්භයේදී කළ නිවේදනයකින් පසුව අදහස් දක්වමිනි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment