මන්ත‍්‍රීවරුන්ට 17 වැනිදා ඇන්ටිජන් පරීක්‍ෂණ

283

පවතින කොවිඞ් ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සඳහා රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ නැවතත් ලබන 17 වැනිදා සිදු කරන බව වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා දන්වා සිටී.

එදින පෙරවරු 9.30 සිට ප.ව. 12.30 දක්වා අදාළ පරීක්ෂණය සිදු කෙරේ. මන්තී‍්‍රවරුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටත්, පාර්ලිමේන්තු ආවරණය කරනු ලබන ජනමාධ්‍යවාදීන්ටත් ඒ සඳහා යොමුවිය හැකි බව හෙතෙම සඳහන් කරයි.

සෞඛ්‍ය අමා්ත්‍යාංශයේ ද මැදිහත්ව මෙම පරීක්ෂණ හයවැනි වරට මෙලෙස සිදු කෙරේ. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ සඳහා යොමු වීම වඩා සුදුසු බව ද වේත‍්‍රධාරීවරයා අවධාරණය කර සිටී.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment