මන්ත‍්‍රීවරු ගිය අවුරුද්දටම කියවා තියෙන්නේ පොත් 330යි – ඒකෙනුත් 122ක් ප‍්‍රබන්ධ කථා

436

කථානායක මහින්ද යාපා අබේවර්ධන

මන්ත‍්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ 2021 වසරේ මන්ත‍්‍රීවරයන් විසින් පුස්තකාලයෙන් ගෙන ඇත්තේ පොත් 330 ක් පමණි. ඉන් 122ක් ප‍්‍රබන්ධ කථා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කථානායකවරයා මේ කරුණු ප‍්‍රකාශ කලේ ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමිනි. එය මෙසේය ඔබ දන්නා පරිදි පසුගිය වසර අප සැමට ඉතා අභියෝගාත්මක වසරක් විය.

මුළු ලෝකයම ගිලගත්  Covid-19 තත්ත්වයෙන් පාර්ලිමේන්තුවටත් බලපෑම් එල්ල වී තිබියදීත් රටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සැසිවාර පවත්වා අපගේ වගකීම්වලට අනුව 2022 වසර සඳහා අයවැය සම්මත කරගැනීමට අපි සමත් වීමු. පාර්ලිමේන්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට, පාර්ලිමේන්තු මහලේකම්තුමා ප‍්‍රමුඛ සියලූම කාර්ය මණ්ඩලයට, වේත‍්‍රධාරීතුමාට, ආරක්ෂක අංශ, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙම කාලයේදී පාර්ලිමේන්තු කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට උපකාරීවූ සියලූ දෙනාටම මගේ හෘදයාංගම ප‍්‍රණාමය හා ස්තුතිය සටහන් කිරීමට මෙහිදී කැමැත්තෙමි.

2022 නව ආරම්භයක් සනිටුහන් කරන අතර, සමහර දෑ වෙනස් කිරීමද සුදුසු යැයි මට හැෙඟ්.

ඔබ සභා ගර්භ සීමාව ඉක්මවා ගිය පසු, ඔබ සැවොම පාර්ලිමේන්තුවේ ගරු මන්ත‍්‍රීවරුන් ලෙස සලකනු ලැබේ. එම ගෞරවනීය තත්ත්වයට ගැළපෙන පරිදි ගෞරවනීය ලෙස කථා කිරීම සහ හැසිරීම වැදගත් වේ.

මම පාර්ලිමේන්තුවට ඇතුළත් වූ අවස්ථාවේ කරුණු කාරණා ඉගෙන ගත් අයුරු සිහිපත්කරනු කැමැත්තෙමි. මා පාර්ලිමේන්තුවේ මුලින්ම කතා කරනවිට සති ගණන් සූදානම් වෙලා, පුස්තකාලය පරිශීලනය කොට, දිවංගත ගාමිණී දිසානායක, රණසිංහ පේ‍්‍රමදාස, ලලිත් ඇතුලත්මුදලි, වැනි කථිකයන්ගේ කථා කියවා බලා, ඒ කථා අහගෙන සූදානම් වුණා. නව සාමාජිකයින් ලෙස, අපට අවශ්‍ය වූයේ සභා ගර්භය තුළ අප ගැන වඩාත් යහපත් හැ`ගීමක් ලබා දීමටයි. මන්ද එසේ නොකළහොත් එය විශාල ලැජ්ජාවක් විය හැකි බැවිනි.

නමුත් අද ඉතා සුළු මන්ත‍්‍රීවරු පිරිසක් පමණක් පුස්තකාල පරිශීලනයෙන් පසු තම කථා සඳහා පෙර සූදානම් වන ආකාරයක් දකින්නට ලැබෙනවා. පුස්තකාලය විසින් සපයනු ලබන තොරතුරු වලට අනුව, 2021 වසර තුළ මන්ත‍්‍රීවරුන් විසින් පුස්තකාලයෙන් ගෙන ඇත්තේ පොත් 330 ක් පමණි. ඉන් 122ක් ප‍්‍රබන්ධ කථා.

තවද පුස්තකාලයෙන් මන්ත‍්‍රීවරු ලබාගත් පොත්වලින් 94 ක් දේශපාලන විද්‍යාව සහ 27 ක් සමාජ විද්‍යාව පිළිබඳ ය. එසේම ආර්ථික විද්‍යාව පිළිබඳ පොත් 11 ක්, විද්‍යාව පිළිබඳ පොත් 5 ක්, නීති පොත් 4 ක්, තාක්ෂණය පිළිබද පොත් 3 ක්, අධ්‍යාපන ග‍්‍රන්ථ 1 ක් සහ සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථ 1 ක් වශයෙන් මන්ත‍්‍රීවරු ලබා ගෙන ඇති තොරතුරු වාර්තා වේ.

මන්ත‍්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවකට මෙය යහපත් නොවන තත්ත්වයකි. සුදානමක් හා විෂය කරුණු පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා අපහාස, බොරු චෝදනා, පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව විවාදයන් තුළ භාවිතා වීම සහ බොහෝ ප‍්‍රකාශ රජයට මග පෙන්වීමට වෙනුවට දේශපාලන වාසියක් ලබා

ගැනීමට භාවිතා කිරීම මේ නිසා දක්නට ලැබේ. මෙම තත්ත්වය අවසානයේ ලැජ්ජාසහගත පාර්ලිමේන්තු විරෝධී හැසිරීමක් දක්වා වර්ධනය වීමට හේතුවී තිබේ.

කථානායකවරයා වශයෙන්, මෙම සභාව ඵලදායී ලෙස පැවැත්වීම සහ සියලූම මන්ත‍්‍රීවරයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මගේ වගකීමයි. සභාව, එහි ස්ථාවර නියෝග සහ අනෙකුත් ක‍්‍රියා පටිපාටි සැලසුම් කර ඇත්තේ ඒ සඳහා පහසුකම් සැලසීමටය

මෙම ආයතනයේ අභිමානය සහ ගෞරවය රැුකීම සියල්ලන්ටම වඩා ප‍්‍රමුඛතම යුතුකමක් බව සියලූම සාමාජිකයන් තේරුම් ගත යුතුය. ජනතාවට මේ සභාව ගැන විශ්වාසය නැති වෙනවා නම් ඉන් අදහස් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය නැති වෙනවා යන්නයි. එහි ප‍්‍රතිවිපාක මේ රටේ සියලූම දේශපාලන පක්ෂවලට සහ පුරවැසියන්ට බලපානු ඇත. ඒ බව තේරුම් ගෙන ජාතික අවශ්‍යතාවට අනුව කටයුතු කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මේ රටේ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත‍්‍රීවරුන් වගකීමෙන් ක‍්‍රියා කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. විවාදවල ගුණාත්මක භාවය සහ සාමාජිකයින්ගේ හැසිරීම වැඩිදියුණු කිරීම සඳහා සාකච්ඡුා කිරීම සඳහා මා පහත යෝජනා කෙටුම්පත් කර ඇත.

ස්වාධීන පර්යේෂණ සහ විශ්ලේෂණ කාර්යාලයක් හරහා, විශේෂයෙන්ම මන්ත‍්‍රීවරයන්ට අයවැය සහ කාර්ය සාධනය පිළිබඳ ස්වාධීන දැක්මක් ලබා දීම

ආර්ථික විද්‍යාව, තාක්ෂණය, කළමනාකරණය, නායකත්වය, සමාජ විද්‍යාව වැනි මාතෘකා පිළිබඳ ක්ෂේත‍්‍ර ප‍්‍රවීණයන්ගේ සාකච්ඡුා සහ ඉදිරිපත් කිරීම් සහ පාර්ලිමේන්තු රැුස්වීම් අවසන් වූ පසු සවස් කාලයේ ඕනෑම මන්ත‍්‍රීවරයකුට පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටිය හැකි වෙනත් අදාළ මාතෘකා පිළිබද දැනුවත් කිරීම්. වෙනත් භාෂාවක් ප‍්‍රගුණ කිරීමට හෝ අධ්‍යාපනය හැදෑරීමට කැමති මන්ත‍්‍රීවරයන් සඳහා භාෂා සහ අධ්‍යාපන පහසුකම් සැපයීම. මෙම යෝජනා සඳහා කිසියම් වැඩිදියුණු කිරීමක් හෝ නිවැරදි කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් වඩා හොඳ ක‍්‍රියාකාරී ගෞරවනීය පාර්ලිමේන්තුවක් සහතික කිරීම සඳහා වඩා හොඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසත් මම සියලූම මන්ත‍්‍රීවරයන්ට ආරාධනා කරමි.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment