මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්ගේ කාර්යාලය හදිසියේම දැඩි සෝදිසියක්

178

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතාගේ  කාර්යාලය හා ඒ අවට ප‍්‍රදේශය කිළිනොච්චිය පොලීසිය මගින් 25 දා පරීක්ෂා කොට තිබේ.

පොලීසිය මෙම ප‍්‍රදේශය පරීක්ෂා කොට අවසන් වන තුරු මන්ත‍්‍රීවරයාගේ  කාර්යාල පරිශ‍්‍රයේ සිටි පිරිසට ඉන් ඉවත්ව යාමට හෝ බාහිර පුද්ගලයින්ට කාර්යාල භූමියට ඇතුලූවීම පොලීසිය විසින් තහනම් කොට තිබුණි. මන්ත‍්‍රීවරයාගේ කාර්යාලයේ සැකකටයුතු යමක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදු කළ නමුත් පොලීසියට මන්ත‍්‍රීවරයාගේ කාර්යාලයේ තිබී කිසිවක් හමු වී නොමැත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment