මන්ත‍්‍රී ක‍්‍රීඩා තරගාවලියේදී ගයාෂාන් නවනන්දට ශූරතා 3ක්

200

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර පැවැති වාර්ෂික ක‍්‍රීඩා තරගාවලියේ තරග අංශ තුනක ජයග‍්‍රහණය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ගයාෂාන් නවනන්ද මහතා සමත් විය.

 චෙස්, කැරම් සහ ස්නූකර් යන තරගවල ශූරයා වීමට නවනන්ද මහතා සමත් වූ අතර චෙස් සහ ස්නූකර් අනුශූරතාවය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතාට හිමි විය. දාම් තරග අංශයේ ශූරතාවය ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතාට හිමි වූ අතර අනුශූරතාවය රෝහන බණ්ඩාර මහතා විසින් දිනා ගන්නා ලදී. මේස පන්දු ශූරතාව වරුණ ලියනගේ මහතා විසින් දිනා ගන්නා ලද අතර එහි අනුශූරතාවය ගයාෂාන් නවනන්ද මහතා දිනා ගත්තේය. කැරම් අනුශූරතාවය පේ‍්‍රමලාල් ජයසේකර මහතාට හිමි විය.

 ගයාෂාන් නවනන්ද මහතා අදාළ ශූරතාවය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබාගන්නා අයුරු ද නලින් බණ්ඩාර මහතා ස්නුකර් ක‍්‍රීඩාවේ නිරත වන අයුරුද ඡුායාරූප වල දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment