මන්ත‍්‍රී තුනකට කොවිඩ්… වෙදආරච්චි දින තුනේම පාර්ලිමේන්තු ඇවිත්

315

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රෝහණ දිසානායක, දිලිප් වෙදආරච්චි, තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන්ට මේ වනවිට කොවිඞ් ආසාදිත වී ඇත. ඔවුන් ප‍්‍රතිකාර සඳහා යොමු වී තිබේ.

 ඒ අතරින් දිලිප් වෙදආරච්චි මහතා පසුගිය දින තුනම පාර්ලිමේන්තු රැුස්වීම් සඳහා උදේ සිට සවස දක්වාම සහභාගි වී ඇති බව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (06 දා* පැවසීය.

මන්ත‍්‍රී තුනකට කොවිඩ්... වෙදආරච්චි දින තුනේම පාර්ලිමේන්තු ඇවිත්

එහෙත් රෝහණ දිසානායක, තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි ද වේත‍්‍රධාරිවරයා කීය.

 මේ අතර කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද මේ වනවිට කොවිඞ් ආසාදිතව ප‍්‍රතිකාර සඳහා යොමු වී සිටින අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු තවත් මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමුව තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment