මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුප් යෝජනාව කාලෝචිතයි- අගමැති

231

විශ‍්‍රාම වැටුප් හිමිකම සඳහා වසර 10 ක් මන්ත‍්‍රීධුරයේ සිටිය යුතු බවට අයවැය මගින් ගෙන ආ යෝජනාව කාලෝචිත බවත් ඉන් තරුණ මන්ත‍්‍රීවරුන් තම මන්ත‍්‍රීධුරය රැුකගැනීම සඳහා මහජන සේවයේ වෙනදාට වඩා කාර්යක්‍ෂමව නිරතවනු ඇතැයි විශ්වාස කරන බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (14දා) පැවැසීය.

මින් වැඩි බලපෑමක් ඇති වන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට පත්ව සිටින නවක මන්ත‍්‍රීවරුන්ට බව පැවැසූ අග‍්‍රාමාත්‍යවරයා ඇතැම් මහජන නියෝජිතයන් සම්බන්ධව ජනතාව අතර පවතින ආකල්පවලටද මෙය හොඳ පිළිතුරක් බව කීවේය.

මහජන විශ්වාසය වැඩි කාලයක් දිනාගන්නා මන්ත‍්‍රීවරුන්ට වැඩි වාර ගණනක් පාර්ලිමේන්තුව නියෝජනය කළහැකි බවත් එවැනි අයට විශ‍්‍රාම වැටුප් හිමිකම මෙමගින් උදාකර ගත හැකි බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා එසේ නොවන අයට විශ‍්‍රාම වැටුප් අහිමිවීම සාධාරණ බවත් වැඩිදුරටත් කීවේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment