මන්දක පැටලී සිටි වළහෙක් බේරා ගනී

574


විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත කුකුල්කටුව ප්‍රදේශයේ හේනක මන්දක පැටලී සිටි වළහෙකු ඉන් මුදවාගෙන ඊයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදාහරින ලද බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වළහෙකු මන්දක පැටලී සිටින බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වයඹ කලාපය භාර වන ජීවි පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් වහාම වළහා මුදාගෙන ප්‍රතිකාර කර වනයට මුදාහරින්නට කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment