මන්දපෝෂණය ඇති දරුවන්ට මහන්සිය – මලානිකකම තියෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

169

ළමා මන්දපෝෂණය වළක්වා ගැනීමට එක්ව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

දරුවෙක් ඉපදී පළමු මාස හයේදී දරුවට මවුකිරි පමණක් ලබාදිය යුතු මුත් ඉන් පසුව ඝන ආහාරවලට යොමු කිරීමේදී බත් සමග රතු කවුපි, සුදු කවුපි, මුං ඇට, බිත්තර හාල් මැස්සන් ආදිය ලබාදීමෙන් මන්දපෝෂණය වළක්වාගත හැකි බවද ඒ මහතා කීය. මුරුංගා කොළ හොඳ පෝෂණීය ආහාරයක් බවත් එහි යකඩ, කැල්සියම් ආදී පෝෂණ අඩංගු බව ද ඒ මහතා කීය.

මන්දපෝෂණය සහිත දරුවන් හඳුනාගැනීම පහසු බවත් එවැනි දරුවන් මහන්සි ගතිය, මලානිකවීම, ඉගෙනීමට දුර්වලවීම, ක්‍රීඩා කටයුතුවලට යොමු නොවීම, ක්‍රියාශීලී නොවීම ආදී රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා තවදුරටත් පැවසීය. එනිසා දරුවන් අතර මන්දපෝෂණය ඇති නොවීමට නම් දෙමාපියන් මෙම කරුණු පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment