මන්දපෝෂණය ඇති වීමේ අවදානමක්

193

කිරි ,බිත්තර ,එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ජනතාවට දරා ගත නොහැකි අයුරින් අධික ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් ඉදිරියේදී මෙරට ළමුන් මෙන්ම වැඩිහිටියන් අතර මන්දපෝෂණය වැනි බරපතල සෞඛ්‍ය ගැටළු ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි .අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි වෙමින් පැවතීම නිසා රජයේ රෝහල් සායනවලට පැමිණෙන රෝගීන් බහුතරයකට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්නා ලෙස නිර්දේශ කිරීමට පවා වෛද්‍යවරුන්ට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඇතැම් රෝගීන් පලා මිටියක් මිලදී ගැනීමට පවා අසීරු තත්ත්වයක පසු වන බව වෛද්‍ය බණ්ඩාර කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment