මන්දපෝෂණය ගැන කියූ දොස්තරගේ පෙත්සම විභාගයට

88

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මුල්කරගෙන වැඩතහනම් කරනු ලැබූ වෛiවරයා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) අවසර ලබා දුන්නේය.

වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛi ජී. ජී. චමල් සංජීව මහතා විසින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම, බුවනෙක අලුවිහාරේ, කුමුදුනී වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

පෙත්සම්කරුගේ වැඩ තහනම් කරමින් නිකුත් කර ඇති නියෝගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ විනිසුරු මඬුල්ල එම පෙත්සම් විභාගය මාර්තු 7 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළේය. පෙත්සම්කරු පසුගිය ඔක්තෝබර් 19 වැනිදා හම්බන්තොට සූරියවැවදී එම ප්‍රකාශය කළේ ඒ පිළිබඳ නිසි අධ්‍යයනයකින් අනතුරුව බවත් ඔහු සතු භාෂණයේ අයිතිය ආයතන සංග්‍රහයකින් සීමා කිරීම යුක්තිසහගත නොවන බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී අධිකරණයට පැවැසීය.

එකී ප්‍රකාශය හේතුපාදක කරගෙන ඔහුගේ වැඩතහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කිරීම හා ඒ අනුව කටයුතු කිරීම මගින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා විනිසුරු මඬුල්ලට පැවැසීය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ඇතුළු 23 දෙනකු

නම්කර තිබිණි. එලෙස වැඩතහනම් කිරීමෙන් සිදුවූ හානියට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්‍ෂ 100 ක වන්දියක් අයකර දෙන ලෙසත් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන තනතුරක තමන්ව පිහිටුවීමට නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment