මන්ද මානසික කාන්තාවට අතවර කළ එක්දරු පියාට වසර 17 ක සිරදඬුවම්

198

* රු. 25,000 ක දඩයක් සහ ලක්‍ෂ 03 ක වන්දියකුත් ගෙවීමට නියෝග

අවුරුදු 51 ක් වූ මන්ද මානසික අවිවාහක කාන්තාවකගේ ගෙලට පිහියක් තබා මරණ බවට බිය ගන්වා අතවරයට ලක්කළ විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 17 ක සිරදඬුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (27 දා) දහවල් නියම කළේය.

එම සිර දඬුවමට අමතරව රුපියල් 25,000 ක දඩයක්ද, වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ගෙවීමට විත්තිකරුට නියම කෙරුණ අතර දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක් නියම විය. මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් කිනිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි ඒ. කේ. ප‍්‍රියන්ත කුමාර නමැති එක්දරු පියෙකුට මෙසේ සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම කෙරිණි.

2015 ඔක්තෝම්බර් මස 2 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී පලා නෙලීම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙල්යායට ගිය අවස්ථාවේ වෙල්යාය අසල පිහිටි ඕවිටකදී විත්තිකරු පිහියක් අතැතිව පැමිණ කාන්තාවගේ ගෙලට පිහියක් තබා මරණ බවට තර්ජනය කර ස්ත‍්‍රී ¥ෂණය සිදුකර තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය විය.

වින්දිත කාන්තාව ඇගේ ඥාති සොහොයුරිය අධිකරණ වෛද්‍ය නිලධාරී සහ පොලිස් විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි දීර්ඝ ලෙස විශ්ලේෂණය කළ බවත්, වින්දිත තැනැත්තියගේ සාක්ෂිය විශ්වසනීය සාක්ෂියක් ලෙස පිළිගන්නා බව නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ පැවසීය. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තාව සහ මහාධිකරණය හමුවේ එම වෛද්‍යවරයා ලබාදුන් සාක්ෂිය අනුව සහ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවත් විශ්ලේෂණය කිරීමේදී ස්ත‍්‍රී ¥ෂණයක් සිදුව ඇති බවත් සිද්ධිය වන විට වින්දිත තැනැත්තිය කන්‍යාවියක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පැහැදිලි වාර්තාවක් ලබා දී ඇති බවට මහාධිකරණය හමුවේ සඳහන් විය.

විත්තිකරු වින්දිත කාන්තාව සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇති බවත් පෙර අවස්ථා කිහිපයකදීම වින්දිත කාන්තාව සමග ලිංගිකව එක් වී ඇති බවට විත්තිකරු කරන ප‍්‍රකාශය එකී වාර්තා සහ වින්දිත කාන්තාවගේ සාක්ෂියෙන් ද බැහැර වන බවත්, වින්දිත කාන්තාව සිද්ධිය සිදුවීමෙන් අනතුරුව ඥාති සොහොයුරිය හමු වූ අවස්ථාවේදීම ඇයට සිදුවූ කරදරය පවසා පොලිසියට පැමිණිලි කර ඇති බව විවෘත අධිකරණය හමුවේ පැවසූ අධිකරණය මන්ද මානසික ශාරීරික ආබාධ ඇති පලා නෙලා ඉතා දුකසේ ජීවිකාව ගෙන යන 51 වැනි වියේ පසුවන වින්දිත තැනැත්තියට සිදු කළ අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු වැරැුදිකරු බවට තීන්දු කළේය. විත්තිකරුට ලබාදෙන දඬුවම් අවම කර ගැනීම සඳහා කරුණු දක්වන ලෙස මහාධිකරණය විත්තිකරුගේ නීතීඥ මහතාට දැන්වීය.

විත්තිකරු 44 වැනි වියේ පසුවන අවුරුදු 12 ක් වයසැති දරුවෙක් සිටින පියෙක් බවත්, විත්තිකරුගේ බිරිඳට

රැුකියාවක් නොමැති බවත්, විත්තිකරුගේ පියාට අවුරුදු 78 ක් සහ මවට අවුරුදු 72 ක් වයස බව පැවසූ විත්තිකරුගේ නීතිඥ මහතා වයෝවෘද්ධ මව සහ පියාට උවටැන් කරන විත්තිකරුට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වින්දිත තැනැත්තිය ශාරීරික සහ මානසික ආබාධිත තැනැත්තියක් බවත්, ආයුධයක් පෙන්වා අසරණ කර විත්තිකරු විසින් කරන ලද අපරාධය සුළුවෙන් තැකිය නොහැකි බව පැමිණිල්ල මෙහෙයවූ රජයේ නීතිඥ ඔස්වල්ඞ් පෙරේරා මහතා මහාධිකරණය හමුවේ කීය. යම්කිසි ශාරීරික හෝ මානසික ආබාධයකින් පෙළෙන සමාජයේ අසරණ වු කාන්තාවක්ව එම අසරණභාවය පාවිච්චි කර ගනිමින්

ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීමට යෑම ඉතා පිළිකුල් සහ පහත් ක‍්‍රියාවක් බවත්, එය සමාජය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් මෙවැනි අපරාධකරුවන්ට පමුණුවන දඬුවම සමාජයට පණිවිඩයක් දෙන ආකාරයෙන් දැඩි දඬුවමක් පමුණුවන ලෙසට රජයේ නීතිඥ ඔස්වල්ඞ් පෙරේරා මහතා මහාධිකරණ විනිසුරුගෙන් ඉල්ලා සිටියේය.

සියලූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරු වරදකරු කරමින් විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 17 ක සිර දඬුවමක් සහ රුපියල් 25000 ක දඩ මුදලක් සහ වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ 3 ක වන්දියක් ගෙවීමට නියම කළේය.

මල්වතුහිරිපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පො.කො. කාරියවසම් (49974* නිලධාරියා පැමිණිල්ල මෙහෙය වීමට රජයේ නීතිඥ ඔස්වල්ඞ් පෙරේරා මහතාට සහාය දැක්විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment