මන්ද මානසික කාන්තාවට හදි කළ හය දරු පිය වසර 7ක් හිරේ

289

වසර හතකට පෙර හම්බන්තොට සිප්පිකුලමේදී මන්ද මානසික කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයකුට වසර 07ක බරවැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා 13 වැනිදා නියෝග කළේය.

මෙලෙස සිර දඬුවම් නියම වූයේ හම්බන්තොට සිප්පිකුළම පදිංචි 65 හැවිරිදි සය දරු පියකුටය.

චූදිත 2014-11-01 දින හම්බන්තොට සිප්පිකුලම දී 32 හැවිරිදි මන්ද මානසික කාන්තාවක අවස්ථා කිහිපයකදී දූෂණය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව චූදිත අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.

ඒ අනුව පැවැති නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ල විසින් චූදිතට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිතට පහත පරිදි ද`ඩුවම් නියම කෙරුණි.

චුදිතට වසර 07ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. ඊට අමතරව රුපියල් 10,000ක දඩයක් ද නියම කෙරිණි. එය නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඩුවමක් ද නියම කෙරුණි. මීට අමතරව අගතියට පත් මන්ද මානසික කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණි. චූදිත වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර ද`ඩුවමක් නියම කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පූර්වගාමී රජයේ අධිනීතඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා සහ රජයේ අධිනීතිඥ ශෙහාන් මුස්තාපා මහතා පැමිණිල්ල මෙහෙයවූහ.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment