මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගයින්ගේ සත්‍ය කතාව ‘ප්‍රාණ’ ළඟදීම තිරයට  

411

1544 වර්ෂයේ දී සිදු වූ මහා කිතුණු සංහාරයත්, ඉන් පසු 1560 වර්ෂයේ දී සිදු වූ ඒ සංහාරයටම අදාල සත්‍ය සිද්ධිදාමයත් පාදක කර ගෙන බලධාරිත්වයේ න්‍යාය පත්‍රයන් මධ්‍යයේ මේ වන තෙක් වැඩෙමින් වර්ධනය වන සැබෑ විශ්වාසේ කතා පුවත කේන්ද්‍රියව ගෙන ගොඩ නැගුණු මරණයෙන් පවා වලකාලිය නොහැකි වූ සත්‍යාලෝකයේ සදාතනික පුරා වෘතාන්තය “ප්‍රාණ” ලෙසින් තිරයට ගෙනඑනු ලබන්නේ ප්‍රවීණ නිර්මාණකරු සංජය නිර්මාල් විසිනි.

මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගයින්ගේ සත්‍ය කතාව 'ප්‍රාණ' ළඟදීම තිරයට  

මෙම සිනාමාපටයේ සුවිශේෂී විශේෂත්වයක් වනුයේ ලංකාවේ ප්‍රථම වරට එකම දිනෙක සිංහල , දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත වීමයි. පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් ජනිත මානව ශිෂ්ඨාචාර ඉතිහාසයේ සදාතනික බල පොරයේ පරිපීඩිත අහිංස මානව වර්ගයා පිළිබඳව වූ මහ පොලොවෙ කතාන්දරය ලෙසින් “ප්‍රාණ” ප්‍රේක්ෂකයාට තිළිණ වේ.

මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගයින්ගේ සත්‍ය කතාව 'ප්‍රාණ' ළඟදීම තිරයට  
මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගයින්ගේ සත්‍ය කතාව 'ප්‍රාණ' ළඟදීම තිරයට  

සත්‍ය කතා පුවතක් ඇසුරින් ගොඩ නැගුණු “ප්‍රාණ” සඳහා ට්‍රේ හික්ස් , ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මාරාඡ්, නිරංජනී සම්මුගරාජා, නීටා ප්‍රනාන්දු , කින්ග් රත්නම් , ස්ටීවන් මාර්ක් ලොඩ්සික්, රොබට් සියේරා, පීටර් සටනීටස් , සුරංගා රණවක, කල්ප මුණසිංහ, දිනේෂ් ද සිල්වා, පහන්දි තාරකා, කපිල් ගල්පිහිල්ල, චන්ද්‍ර හසන්, සෙනේෂ් බණ්ඩාර දිසානායක, වගීසා සල්ගාදු ඇතුලුව දෙස් විදෙස් රංගන ශිල්පීන් 500 කට ආසන්න පිරිසක් රංගන දායකත්වය දක්වා ඇත. අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් සංජය නිර්මාල්, කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස් , සංස්කරණ හා වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් , කලා අධ්‍යක්ෂණයෙන් හා ඇඳුම් නිර්මාණයෙන් ධම්මික හේවාදුවත්ත , අංග රචනයෙන් බුවනෙක රණවක , සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සමරකෝන් නිෂ්පාදන සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා , විධායක නිෂ්පාදනයෙන් ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමා , සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ , නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ගරු අන්තනී නිශාන් පියතුමා සමගින් රංජන් ප්‍රසන්න , නිෂ්පාදන කළමණාකරණයෙන් ගයාන් කෝසල ප්‍රනාන්දු, ශබ්ද ප්‍රයෝග සහ ශබ්ද සංකලයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා ද නිෂ්චල ඡායාරූප හා වීඩියෝ කරණයෙන් ඉන්දික මල්ලවආරච්චි ද දායකත්වය දක්වා ඇත “ප්‍රාණ” ජානක පෙරේරාගේ නිෂ්පාදනයකි. මෙය එළැඹෙන ඔක්තොම්බර් 06 වන දින සිට දිවයින පුරා තිරගත කිරීමට සැලසුම් කර ඇත.

● ඇන්ටන් ඡේ. ප්‍රනාන්දු

මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගයින්ගේ සත්‍ය කතාව 'ප්‍රාණ' ළඟදීම තිරයට  
advertistmentadvertistment
advertistmentadvertistment