මන්නාරමේ කැස්බෑ මාරයා මාට්ටු

756

කිලෝ ග‍්‍රෑම් විසිපහක පමණ කැස්බෑවකු මස් කිරීම සඳහා  ටැංකියක දමා ගෙන සිටි මන්නාරම දේවාන්පිඞ්ඩි ප‍්‍රදේශයේ පුද්ගලයකු මන්නාරම ඉලූප්පකඩවෙයි

 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාතේ ධීවරයකු වන 43 හැවිරිදි පුද්ගලයෙකි.

 එම පුද්ගලයාගේ නිවස පරීක්ෂා කළ පොලිසියට හෙළි වූ තොරතුරුවලට අනුව ඔහු සිය නිවස පිටුපස ටැංකි ඉදි කොට කැස්බෑවන් ගෙනැවිත් දමා ඔවුන්ව අවශ්‍ය වේලාවට මරා මස් කොට අලෙවි කිරීම වෘත්තියක් ලෙස කාලයක්ම කර ගෙන ගොස් තිබේ.

 පොලිස් නිලධාරීන් විසින් දිවි බේරා ගත් කැස්බෑවා වන ජීවී නිලධාරීන් වෙත බාර දී ඇති අතර සැකකරුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉලූප්පකඩවෙයි පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment