මන්නාරමේ ධාරානිපාත වර්ෂාවෙන් පවුල් 89ක් විපතට

120

දින තුනක් තිස්සේ මන්නාරමට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා 05දා උදෑසන වන විට මන්නාරමේ ප‍්‍රදේශ කීපයක් ජලයෙන් යටවීම නිසා පවුල් 89 ක් විපතට පත්ව සිටිති.

මන්නාරම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහන් කළේ මන්නාරමේ සවුත් බාර්, ජිම්රෝන් නගර්, ශාන්තිපුරම් යන පළාත්වල පහත් බිම්වල පිහිටි නිවාස ජලයෙන් යටවී ඇති බවයි. වර්ෂාව නිසා එම ප‍්‍රදේශවල විශාල වශයෙන් ජලය එක් රැුස් වීම නිසා ජනතාවට නිවෙස්වල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර ඔවුන් තාවකාලිකව වෙනත් ආරක්ෂක ස්ථාන කරා ගොස් තිබේ. තවදුරටත් මන්නාරමට වර්ෂාව ඇද හැළුණහොත් තත්ත්වය ඉතා අසිරු වන බව මන්නාරම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන අතර දැනට විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන සලසා දීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment