මන්නාරම දෝණියේ තෙල් සහ ගෑස් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් උපයාවි

604

මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප‍්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක් ලබා දුන්නද ඩො.බි. 133.5 ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩො.බි.47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් දැනුවත් කරමින් අමාත්‍යවරයා මේබව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවිය.

ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප‍්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment