මන්නාරම මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයෝ 9ක් රිමාන්ඩ්

73

මන්නාරම ආච්චන්කුලම මුහුදේ අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 9 දෙනෙකු ජනවාරි මස 13 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මන්නාරම මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 450 ක් සහ තහනම් කළ ධීවර ආම්පන්න තොගයක් සමග නාවික හමුදාව විසින් මෙම ධීවරයින් පිරිස අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම ධීවරයින් විසින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා භාවිත කළ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා බාරයට ගෙන තිබේ. ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාර දීමෙන් පසුව ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment