මන්න රමේෂ් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

244

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන රමේෂ් මිහිරංග හෙවත් ,මන්න රමේෂ්, නැමැත්තා ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී රමේෂ්ගේ අවිස්සාවේල්ල නාපාවල පිහිටි නිවස පිටුපස වළ දමා තිබූ ඝාතනයට යොදාගත් බවට විශ්වාස කෙරෙන ගිනි අවියක් හා ඊට යොදන ජීව උණ්ඩ 5ක් ද සොයාගෙන තිබේ.
විශේෂ කාර්යය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත එම මෙහෙයුම දින දෙකක් පුරා සිදුකර ඇත.

සැකකරුවන් තිදෙනා අවිස්සාවේල්ල පොලීසියට භාර දී තිබේ.

වළ දැමූ පුද්ගලයාගේ සිරුර කිරිඳවැල පොලිස් බලප්‍රදේශයට අයත් මීතිරිගල නිස්සරණ වනයේ දමා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

එම සිරුර ගොඩගැනීමේ කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment