මනු සතාගේ උදලු පහරින් ගැබ්බර මී ගවයා එතැනමයි

292

* උදලූ පහරින්  කුසයේ සිටි  පැටවා එළියට  පැනලා

මාතර පාලටුව පෝද්දුව කුඹුරු යායෙහි තෘණ බුදිමින් සිටි ගැබ්බර මී ගවයකුට එම ප‍්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අමානුෂික අයුරින් උදැල්ලෙන් පහරදීම නිසා මී ගවයා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත. තමාගේ කුඹුරට නිතර ගවයින් පැමිණෙන බැවින් උරනව සිටි බව කියන මෙම 55 වියැති ගුරුවරයා පසුගිය 08දා සවස කුඹුරට ගිය විට මෙම ගවයා සිටිනු දැක ඇති අතර එවිට මෙලෙස පහරදීමක් සිදුකර තිබේ. මෙම කුඹුරු යාය ගොයම් කපා තිබුණු යායකි. කිසිදු වගා හානියක් සිදු වන්නට වගාවක් නොතිබුනද තෘණ කමින් සිටි මී  ගවයා මෙලෙස දැඩි ලෙස පහරකෑමට ලක්ව කුඹුරෙහි අසල පිහිටි ජලය බැස යන කානුවෙහි මරණයට පත්ව තිබේ. මෙම ගුරුවරයා පාලටුව පැරකුම් ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ද වන අතර පහරදීම හේතුවෙන් ගවයාගේ ගර්භාෂයේ සිටි ගව පැටවා ගව මවගේ ශරීරයෙන් පිටතට විසිව පැටවාද මරණයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධව මාතර පොලිසිය වෙත ගවයාගේ අයිතිකරු වන යූ. චන්ද්‍රසේන යන අය විසින් පැමිණිල්ලක් කර තිබේ.

සිද්ධිය වූ ස්ථානයට අදාළ පශු වෛද්‍යවරයාද පැමිණ ඇති අතර ගවයා පහරකෑම නිසා මරණයට පත්ව ඇති බවත් ශරීරයේ පහරදීමේන් සිදුවූ තුවාල පවතින බවත් අනාවරණය කරගෙන ඇත. සැකකාර ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් පොලිසිය වෙත ඉදිරිපත්ව ඇති අතර එහිදී රුපියල් ලක්ෂයක මුදලක් පැමිණිලිකාර පාර්ශ්වය වෙත අලාභය වශයෙන් ලබාදීමට තමා කැමැති බවත් සමාදාන වීමට එකඟවන ලෙස ප‍්‍රකාශ කර ඇත. එහෙත් ගවයාගේ අයිතිකරු විසින් ගැබ්බර මී ගවයකු ඒ වෙනුවෙන් ඉල්ලා සිටී.

ගවයාගේ අයිතිකරු ගව ගාලක් පවත්වාගෙන යමින් කිරි නිෂ්පාදනය කරන්නෙකු මෙන්ම කෘෂි කාර්මික කටයුතු වල නිරත වන්නෙකි. සිද්ධිය සම්බන්ධව මාතර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

බෙන්තොට – දර්ශන කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment