මනූෂ ජපන් රස්සා ඉල්ලයි

279

ජපන් භාෂා ප්‍රවීණතාවක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපයේ දී ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකී කොටාරා මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබා දීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමු කර ඇත.මේ වන විට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේ දී භාෂා ප්‍රවීණතාවක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා ඇමැතිවරයා ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව ජපානයට ගොස් භාෂාව හදාරා රැකියාවක යෙදීමේ අවස්ථාව, පාසල් හැර ගිය තරුණ තරුණියන් දහසකට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබේ.ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින් කොටාරා මහතා පවසා ඇත්තේ වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලබා දීමට ජපානය සෑම විටම කටයුතු කරමින් සිටින බවය. විශේෂයෙන්ම සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීමට ජපානය වැඩි කැමැත්තකින් සිටින බව ද, ජපානයේ වියපත් ජනගහනය ඉහළ යමින් තිබෙන නිසා මෙම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් වර්ධනය වන බව ද පවසා තිබේ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment