මම අනුකරණය කරන්නේ නෑ… – නිලූෂි පවන්‍යා

722

විලාසිතාවලට සීමාවන් තියෙනවා

 මේ දිනවල හිරු ටීවි නාලිකාව හරහා දිවිතුරා ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවට එන ඇය නමින් නිලූෂි පවන්‍යා. ඇගේ කලා තොරුතුරු වෙනුවට අපි ඔබට කියන්න හදන්නේ ඇගේ විලාසිතා ගැනයි. මේ ඇය විලාසිතා ගැන හිතන පතන විදිහ.

 විලාසිතා ගැන මොකද හිතන්නේ?

 විලාසිතා තැන් තැන්වලට අනුව වෙනස් වෙනවා සහ අලූත් වෙනවා. පැරණි දේවල් පවා අලූත් වෙනවා. එකිනෙකාට අනුවත් වෙනස් වෙනවා. මම හිතන්නේ වෙනස් වෙන දෙයක්.

 සීමා මායිම් තියෙනවාද?

 ඔව් ඉතිං. අවශ්‍ය තැනට අනුව තමයි විලාසිතා කළ යුත්තේ. එහෙම බලනකොට විලාසිතාවලට සීමාවන් තියෙනවා.

 කාවහරි අනුකරණය කරනවාද?

 එහෙම අනුකරණය කරන්නේ නැහැ. මගේ හිතෙන් මම ඇඳුමක් මවා ගන්නවා. ගොඩක් එහෙම හිතලා තමයි මම සාමාන්‍යයෙන් ඇඳුම් ගන්නේ. හැබැයි මම ගොඩක් බොලිවුඞ් විලාසිතාවලට කැමැතියි. දීපිකා පදුකෝන්” ප‍්‍රියංකා චොප්රා” ශිල්පා අඳින විදිහට මම කැමැතියි.

 පෙනුම විලාසිතාවලට වැදගත් කාරණාවක්ද?

 නැහැ. මම හිතන්නේ නැහැ පෙනුම වැදගත්ම කාරණාවක් කියලා. කොයි විදිහේ පෙනුමක් තිබ්බත් එ් කෙනාට ගැළපෙන විලාසිතා කරන්න පුළුවන්.

 සිරුර හැඩට තියාගන්න ජිම් යන්නම ඕනෑද?

 නැහැ. ජිම් යන්නම ඕනෑ නැහැ. මොකද අපි එදිනෙදා ගන්න කෑම සහ අපිට ගෙදර ඉඳගෙන ව්‍යායාම කරන්න පුළුවන් නම් එ්වත් එක්ක මම හිතනවා ජිම් එකක් අත්‍යවශ්‍ය නැහැ කියලා ඇඟ ලස්සනට තියාගන්න.

 කැමැතිම ඇඳුම ?

 මම කැමැතිම ඇඳුම් දෙකක් තියෙනවා. එකක් දිග ගවුම්. අනිත් එක වොප් සහ ට‍්‍රවුසර්.

 හෑන්ඞ් බෑග් එකක් අත්‍යවශ්‍යද?

 ඔව්. මම හිතන්නේ ගැහැනු ළමයෙක් වුණහම හෑන්ඞ් බෑග් එක අත්‍යවශ්‍ය දෙයක්.

 හෑන්ඞ් බෑග් එකේ වැඩිපුර තියෙන්නේ ?

 මගේ ෆෝන් එක තියෙනවා. මේ දිනවල නම් සැනිටයිසර් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ඊට අමතරව මගේ පොඩි නෝට් බුක් එකක් තියෙනවා. පෙන් එකක් තියෙනවා. කොහේ හරි යනකොට මගේ චාජර් එක දාන පොඩි පවුච් එකක් තියෙනවා. සුවඳ විලවුන් බෝතලයක් වගේම මගේ පර්ස් එක තියෙනවා.

 ගමනක් යනවා නම් මේකප් එක වැදගත්ද?

 නැහැ. අත්‍යවශ්‍යම නැහැ. නමුත් පොඩි ලිප් බාම් එකක් භාවිතා කරනවා සහ අයි ලයින් එකක් වගේ භාවිතා කරනවා. සමහර තැන්වලට මම එ්ක නැතිවත් යනවා. එ්ක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි.

 ජුවලරිවලට තියෙන කැමැත්ත?

 සාමාන්‍යයෙන් මම යන ගමනක බිමනකදී ජුවලරි කියන දේට අංක එක දෙන්නේ නැහැ. හැබැයි මගේ අත් ඔරලෝසුව අනිවාර්යයි. කොහේ හරි වැඩසටහනකට සහ සාදයකට යනවා නම් එ් වෙනුවෙන් පළඳින ජුවලරි කලෙක්ෂන් එකක් තියෙනවා. එ්ක මම ගත්තු ටිකක්. එහෙම නැතිව මම සාමාන්‍යයෙන් ජුවලරි වැඩිපුර භාවිතා කරන කෙනෙක් නෙමෙයි. මුදු දෙකක් තියෙනවා. එ් දෙක නම් මගේ අතේ නැතිවෙන්නේ නැහැ. එ් වගේම අපලවලට පළඳින මුදුද්දකුත් තියෙනවා.

 ටැටූවලට?

 මම පුද්ගලිකව ටැටූවලට කැමැතියි. හැබැයි මම ටැටූ එකක් ගහලා නැහැ.

 පියර්සින්

 එ්කටත් ලොකු කැමැත්තක් තියෙනවා. එ් හින්දාම මම පියර්සින් කරලා තියෙනවා.

 පැෂන් කරන්නේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්නද?

 නැහැ. එහෙම දෙයක් නැහැ. කෙනෙක්ගේ ආකර්ෂණය

 දිනාගන්න නෙමෙයිනේ පැෂන් කරන්නේ. තමන් ආස නිසානේ පැෂන් කරන්නේ. අපි තව කෙනෙකුගේ

 අවධානය දිනාගන්න පැෂන් කරන්න වුවමනා නැහැ. මම අඳින්නේ කෙනෙකුගේ ආකර්ෂණය දිනා ගන්න නම් එ්කෙන් වැඩක් නැහැ. මේ ඇඳුම මට ලස්සනයි” මට ගැළපෙනවා සහ කියලා හිතෙනවා නම් තමයි එ් දේවල් කරන්නේ. එ්ක එකිනෙකාට අනුව වෙනස් වෙනවා.

 පැෂන් එකට බොඩි පේන්ටින් කරලා නැතිද?

 නැහැ. කරලා නැහැ.

 සෙරෙප්පු සපත්තුවලට තියෙන්නේ මොනවගේ ඉඩක්ද?

 මා ළඟ කලෙක්ෂන් එකක් තියෙනවා. එක එක ඇඳුම්වලට හරියන විදිහට පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන මගේ ෂූස් පහක් හයක් තියෙනවා. තව කොහේ හරි ගමනක් යනකොට පාවිච්චි කරන කලෙක්ෂන් එකක් වෙනම තියෙනවා. හැබැයි එ්ක පොඩි කලෙක්ෂන් එකක්.

 නේල් ආට්වලට කැමැතිද?

 කැමැතියි. හැබැයි කියුටෙක්ස් එහෙම ගාගෙන ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට මම පාවිච්චි කරනවා. ලොකුවට නේල් ආට් කරන්න” නේල්ස් දාන්න කැමැති නැහැ. ස්වභාවික නියපොතුවලට කියුටෙක්ස් එකක් ගෑවොත් විතරයි කැමැති. සාමාන්‍යයෙන් භාවිතා කරන කියුටෙක්ස් ටිකක් තියෙනවා. මට ඕනෑ කියලා හිතුණොත් මම එ්ක භාවිතා කරනවා.

 හෙයාර් ස්ටයිල් ?

 එ්කත් හරි සිම්පල්. කොහොමත් මම නෝමල් ඉන්නවා නම් ලූස් හෙයාර් සහ නැතිනම් පොඩි නොට් එකක් දාගෙන ඉන්නේ. මම කොහේ හරි පාටි එකකට ගියත් ලොකු හෙයාර් ස්ටයිල් භාවිතා කරන්න කැමැති නැහැ. පොඩි සිම්පල් හෙයාර් ස්ටයිල්වලට තමයි කැමැති. මම ලොකු හෙයාර් ස්ටයිල්වලට කැමැති නැහැ.

 පැෂන් කරන්න ගිහිං අමාරුවේ වැටුණ අවස්ථා?

 මතක හැටියට නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment