මම ආසා සිනමාවේ දිදුලන තරුවක් වෙන්න

2562

චුලක්‍ෂි රණතුංගගේ නර්තන විඞීයෝවක් පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා. නිතරම රිදී තිරයේ රැුඳෙන්න උත්සාහ කරන චුලක්‍ෂි මේ වගේ වැඩක් කළේ ඇයිද කියලා දැනගන්න අපි ඇයට කතා කළා. මේ චුලක්‍ෂි අපිට කිව්ව කතාව.

* කොහොමද චුලක්‍ෂි මොනවද වැඩ?

මේ දවස්වල උදයකාන්ත මහත්මයාගේ ගිනිමල් පොකුරු චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා. ඒත් සමගම පසුගිය දවස්වල නර්තන වැඩ කටයුතුවල නියැලූණා.

* මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන නර්තන වීඩියෝව මොකක්ද?

ඒක මගේ පළමුවැනි කවර් සෝන්ග් නර්තනය. ඒක ඒ. ආර්. රහුමාන්ගේ ගීතයක්. ගීත දෙකකට තමයි නර්තනය සිදුකළේ.

* ඇයි මේ වගේ වැඩක් කළේ?

නර්තනය කියන දේ රංගන ශිල්පිණියකට අතිශයින්ම වැදගත්. මේ අවස්ථාවේ චිත‍්‍රපට තිරගත වෙන්නේ නැහැ. ඉතිං මට මගේ පේ‍්‍රක්‍ෂක ජනතාව තියා ගැනීම සඳහා නර්තනය පිළිබඳ මේ වීඩියෝව නිර්මාණය කළා.

* ලැබෙන ප‍්‍රතිචාර එහෙම කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳයි ප‍්‍රතිචාර. හොඳ වගේම නරකත් තියෙන්න පුළුවන්. මම යමක් කළාට පස්සේ ඒකේ හොඳ නරක කියන දෙකම බලාපොරොත්තුවෙන් ඉන්නේ. හොඳවත් නරකවත් නෙවෙයි. නරක කියන දේ ස්වාභාවිකයි. එතැන පොඩි උපදෙසකුත් තියෙනවා. මොකද ඊළඟ වැඩකට අත තියන කොට ඒ අඩු පාඩු හදාගන්න පුළුවන්නේ. අනික නරක පෙන්වලා දීමෙන් අපි තවත් මුවහත් වෙනවා.

* මේ වීඩියෝවෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද?

මම මේ වීඩියෝව කිරීමෙන් බලාපොරෝතු වෙනවා මට මේ නිසා වෘත්තීමය රුකුලක් වේවිද කියලා. ඇත්තටම මේ වෙනකොට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන්න බැහැනේ. මුලින්ම අපි මේ උවදුරින් බේරිලා ඉන්න එපායැ. අනික පේ‍්‍රක්‍ෂකයෝ ගෙවල්වලට වෙලා අධික මානසික පීඩනයක ඉන්නේ. ඉතිං ඒකට අපේ ස්මාර්ට් ෆෝන් කියන තාක්‍ෂණයත් එක්ක වගේම අන්තර්ජාලයත් එක්කත් ගොඩක් සමීපයි. ඉතිං ඒක තුළට අපි කරපු මේ වැඬේ පොඩි වයිරල් එකක් තියෙනවා. මමත් ඒ දේ ඇත්තටම විඳිනවා. කලාව කියන දේ අපිට හරි සමීපයි. මිනිස්සු මානසික නිදහස නැති කර ගන්නේ කලාවත් එක්ක. නර්තනය කියන දේ මිනිස්සුන්ට ගොඩක් සමීප දෙයක්. මිනිස්සුන්ට මානසික සුවයක් දෙන්න තමයි මම කවර් එක රිලීස් කළේ.

මම ආසා සිනමාවේ දිදුලන තරුවක් වෙන්න

* මේ වගේ දේවල් දිගටම කරන්න අදහසක් තියෙනවාද?

දිගටම කරන්න අදහසක් නෑ. මම මේ වැඬේ කළේ නිසි ප‍්‍රමිතියක් ඇතිව.

* මේ වඬේ කරන්න කවුද ඔබට උදව් කළේ?

කොණ්ඩා සැකසුම් කළේ අමීරා සැලෝන්හි අසංක. හැඩ ගැන්වීම් කළේ සුරේෂ් රත්නායක. ඇඳුම් නිර්මාණය කළේ අමිල උදය. නර්තනයට සහාය වුණේ ලක්‍ෂාන් මැක්ස්. නර්තන වින්‍යාසය ගයානි ශී‍්‍රමාල්. පසුතලය ලබාදුන්නේ වෝටර්ස් එජ්. නිෂ්පාදනය තී‍්‍රසික්ස්ටි ප‍්‍රඩක්ෂන්. නර්තන පුහුණුවීම් නදීෂ් රන්දික. සඳුන්, චාරුක, මුණසිංහ, මුළු නිර්මාණයේම ස්ටයිලින් සකුන් ද සිල්වා.

* ගායනයට යොමුවෙන්න අදහසක් එහෙම තියෙනවාද? අනේ නැහැ.

* නර්තනයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තුවක් තියෙනවාද?

ඇත්තටම පසුගිය කාලයේ නර්තනය පැත්තෙන් මට හොඳ නරක කියන ප‍්‍රතිචාර දෙකම ලැබුණා.

* ටෙලි නාට්‍යවලට අරාධනා ලැබුණොත් භාර ගන්නවාද?

 ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. මම ගොඩක් ආස සිනමාවේ දිදුළන තරුවක් වෙන්න. ඒ ගැන මම බොහොමයක් වෙලාවට හිතනවා රිදීතිරයේ රැුඳෙන්න තමයි මම ගොඩක් උත්සාහ කරන්නේ. නමුත් මේ අවස්ථාවේ චිත‍්‍රපට රිලීස් කරන්නේ නැහැ. ඒ අතරතුර මට

මේ චරිතයෙන් කුමන හෝ ආකාරයක වෙනසක් ඇති කරන්න පුළුවන්නම් වගේම අමු අමුවේ චුලක්‍ෂි කියන චරිතයෙන් බැහැරව මාව වෙනස් කරලා රංගනය කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණොත් වගේම පිටපත් අධ්‍යක්‍ෂවරයෙක්

ලබා දුන්නොත් මම ඒ ගැන සැලකිලිමත් වෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment