මම ගීත ලියන්නෙ අත් දකින දේ අසුරින් – නීලක රූපතුංග  

199

නීලක රූපතුංග අප හඳුනන්නේ ප්‍රවීණ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයෙකු වශයෙනි. එහෙත් දැන් දැන් ඔහු ගීත රචනා ක්‍ෂේත්‍රය ඔස්සේ ජනතාව අතරට යමින් සිටී. නිලීක එම කලා කටයුත්ත ගැන අදහස් දක්වන අයුරුයි මේ.

කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉද්දි තමයි මම ගීත රචනය සහ පිටපත් රචනයට යොමු වෙන්නෙ. ඒ කාලේ කරපු ගීත බොහොමයක් දැන් ජනප්‍රියයි. එවයේ රූප රචනා අධ්‍යක්ෂවරයා වන්නෙත් මම. එම ගීත ජනප්‍රිය වීමත් සමග මම අලුත් ගීත කීපයක් කළා. ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන “ඔබ මලක්”, “ ඔය ඇස් දෙක දිහා බලන්” ගීත දෙක සහ සුභානි හර්ෂනී ගයන “ හිතේ කඳුළු” ගීතය මේ අතරින් විශේෂයි. එය දැන් අන්තර්ජාලයේ ජනප්‍රියයි. ඒ වගේම කාශ්‍යප දේවින්ද ගයන “සඳ දෙව් දුව” මම ලිව්වෙ අලුත් පරපුර ඉලක්ක කරගෙන.

ඔබේ ගීත රචනා ඉලක්කගත වෙන්නෙ සමාජයේ මොන වගේ ක්‍ෂේත්‍රයටද?

මම ලියන්නෙ සමාජයේ අත් දකින සිදුවීම් එක්ක. ඒ නිසා ආදරය වගේම සමාජයේ සිදුවීම් මේ ගීත රචනා වලින් කියැවෙනවා. ඒ වගේම ළමා පරපුර වෙනුවෙනුන් මම දැනටමත් ගීත ලියා තිබෙනවා. රූපවාහිනියේ සින්දු කෝච්චියේ ජනප්‍රිය වූ “බුදු හිමියනි” සහ “අප්පච්චි” ගීත දෙකත් ලියවුණේ මගේ අතින්.

මේ වගේ අමාරු කාලෙක මිනිස්සු වෙනුවෙන් ගීතයක් හරි ලිව්වනෙ කියන සතුට මට අතීතය දිහා හැරිල බලද්දි හිතට දැනෙනවා. මේ ගීත හොඳද නැද්ද කියල තීරණය කරන එක ඔබට මම ඔබට බාර කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment