මම ගුවන් විදුලි සංස්ථාවේ ”ඒ” ශ්‍රේණිය සමත් ගායිකාවක් – කාව්‍යා සත්සරණි

291

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන සිහිනයකි ? සංගීතාත්මක වැඩසටහත් සමඟ දැහැන්ගතවන රසිකයන්ට කාව්‍යා සත්සරණිගේ මධුර ගායනයන් පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

ඇගේ හඬ ලයාන්විතය. විටෙක හැඟීම්බරය. තවත් වරෙක අභිමානවත්ය. ගායනයෙන් රසික හදවත්වශී කරගත් කාව්‍යා මේ වන විට ආවේමරියා බාලිකා පාසලේ ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ සඳහා සූදානම් වන පාසැල් ශිෂ්‍යාවකි.

”පොඩි කාලේ ඉඳලම මම ගීත ගායනයට වගේම සංගීතයට කැමති කෙනෙක් . මම දෙක වසරේදී පාසලේ ගායන තරඟයකදි පලමු

ස්ථානය දිනා ගත්තා. එතනදි දෙමාපිය රැුවීමකදි අපේ තාත්තට පන්තිභාර් ගුරුවරිය මේ ගැන කියලා සංගීත ගුරුවරියව මුණ ගැහිලා කතා බහ කරගෙන තමයි මියුසික් හදාරන්න පටන් ගත්තේ. මම දෙක වසරේ ඉදන් විශාරද සඳහා සූදානම් වුණා. දහය වසර වෙද්දි මම විශාරද හදාරලා ඉවර කළා.”

කුඩා අවධියේම සංගීත විශාරද විභාගයන් ට සූදානම් වූ කාව්‍යා, ප‍්‍රවීණ සහ ජනප‍්‍රිය ගායන ශිල්පිනීන් වන නිරෝෂා විරාජිනී සහ ඉන්දිකා උපමාලි යටතේ ගායනය සහ සංගීතය පිළිබඳව වැඩිදුර හදාරා තිබේ. මේ වන විට කාව්‍යා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ”ඒ” ශ්‍රේණිය සමත් ගායිකාවකි .

කාව්‍යාගේ ගායන හැකියාවන් පිළිබඳව හොඳින් අවබෝධ කරගත් ඇගේ දෙමාපියන් ඇයට වයස අවුරුදු දාහතර වන විට ඒක පුද්ගල ප‍්‍රසංගයක් සඳහා ඇයව සූදානම් කර කර තිබූ අතර 2018 ජනවාරි 28 වෙනිදා නිරෝෂා විරාජිනි, දිනේෂ් සුබසිංහ, සෝමරත්න දිසානායක වැනි ප‍්‍රවීණයන්ගේ

සහභාගිත්වයෙන් කාව්‍යා ඇගේ පළමු ඒක පුද්ගල සංගීත ප‍්‍රසංගය අතිසාර්ථක ලෙසින් පවත්වා තිබේ.

”එදා මම සින්දු 24 කිව්වා .ඒකට සිංහල , ඉංග‍්‍රීසි, ිච්බසිය , හින්දි යන ගීත ඇතුළත් වුනා.කිසිම මුදලක්

නොගෙන , මම වගේ පොඩි කෙල්ලක්ගේ ප‍්‍රසංගයේ ආරාධිත අමුත්තන් විදියට ආව ඒ කලාකරුවන් තිදෙනාටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා . ඒ ප‍්‍රශන්ගයෙන් පස්සෙ දිනේෂ් සුබසිංහ මහතා එයා කරපු එදබැ චදැප කියන වැඩසටනේ මට සින්දු කියන්න දුන්නා.”

එම ප‍්‍රසංගයෙන් අනතුරුව කාව්‍යාට සිහිනයකි ? වැඩසටහන සඳහා ගායනයෙන් සම්බන්ධ වීමට අවස්ථාව උදාවීම ඇය මෙලෙස මතකය අවදි කළාය.

” මගේ තාත්තා ප‍්‍රසංගයේ ක්‍ෘ එක අරගන මාව එක්කගෙන රුපවාහිනි යේ මහේෂ් නිශ්ශංක මහත්මයා හම්බවෙන්න ගියා . එයා හරි හොද කෙනෙක් . එච්චර මිනිසුන් පිළිගන්න කෙනෙක් මෙහෙම සිම්පල් උනේ කොහොමද කියලා මම තාම හිතනවා. එතුමා සැහෙන වෙලාවක් සින්දු බලලා, මට සින්දු කියන්න අවස්ථාවත් දීලා, පස්සෙ කිව්වා දුව ඔයාට තාම 14 නේ, තව අවුරුදු තුනකින් එන්න මම අවස්ථාවක් දෙනවා අනිවාර්යයෙන් ම කියලා. සිහිනයකි ? විශේෂ ළමා වැඩසටහනට ගීත ගායනා කරන්න 2020 ඔක්තෝම්බර් මාසයේ මට අවස්ථාවක් ලැඹුණා. සිහිනයකි ? කියන්නේ මගේ ගායන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් .

මේ වන විට කාව්‍යා වෙහෙරදේවී , කිරිල්ලියක්, කුවේණියේ මා නමින්

ඇයගේම ගීත නිර්මාණ තුනක් කර ඇති අතර උසස්පෙළ විභාගයෙන් අනතුරුව එම ගීත සඳහා රූප රචනා සිදුකර ගීත එළිදැක්වීමට කටයුතු කරන බවද, ගායනයට මෙන්ම වාදනයටත් කැමැත්තක් දක්වන කාව්‍යා වයලින් වාදනය සම්බන්ධයෙන් සහ සිතාර් වාදනය සම්බන්ධයෙන් විශාරද දක්වා හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද සිහිපත් කළාය .

” මගේ ඉගෙන ගැනීම කටයුතු වලට සහ සංගීත කටයුතුවලට උදව් කරන අම්මා තාත්තා මගේ සහෝදරයා මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. නිරෝෂා විරාජිනි මහත්මිය , විශාරද ශේණිය සඳහා මට ඉගැන්වූ අයේෂා ගුරු මෑණියන් ව, රංගනී නිලූෂා ගුරු මෑණියන්ව, සංගීතවේදි ප‍්‍රදීප් ගේ‍්‍රරෝ, සිතාර් වාදනය පිළිබඳව ඉගැන්වූ සමන් නිශාන්ත සර්ව, පාසලේ සිස්ටර් ප‍්‍රින්සිපල්ව, ජාතික රුපවාහිනියේ මහා හඬ පෞරුෂය මහේශ් නිශ්ශංක, ජයමිනි ඉලේපෙරුම, නිශාන්ති රණතුංග, දිනේෂ් බෝගොඩ, සන්ගීතවේදී දිනේෂ් සුබසිංහ,චිත‍්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක, වජිර ජයවර්ධන මහත්ම මහත්මීන්ට සහ මා වෙනුවෙන් ගීත ලියු එම ගීත සංගීතවත් කළ සහ මට උදව් කළ සියලූ දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ”  පසුගිය නත්තල වෙනුවෙන් පැවැත්වූ රූපවාහිනිය ඔස්සේ විකාශය වු නත්තල් කැරොල් ගීත වැඩසටහනට කාව්‍යා ගායනයෙන් සම්බන්ධ වූවාය .

වෛද්‍යවරියක වූ රෝගීන් සුවපත් කරන අතරම ගායිකාවක් වී සුවහසක් මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම කාව්‍යාගේ එකම බලාපොරොත්තුවයි.

kawya sathsarani ලෙස සකස් කර ඇති යූටියුබ් චැනලයට ගොස් ඇගේ ගායනයන් රස විඳින ලෙසට කාව්‍යා ඇගේ හඬට ආදරේ කරන පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියාය.


නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment