මම ජනපති පුටුවේ ඉන්නකන් නිතිය – සාමය කඩන අරගල බැහැ

133

ජනපති ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හමුවේ ජාතිය අමතයි

“මා ජනාධිපති හැටියට ඉන්න තුරු නීතිය හා සාමය කඩන්න ආපහු ඉඩදෙන්නේ නැහැ. තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන් සාමකාමීව.
රැස්වීමකට පර්මිට් එකක් අරගෙන රැස්වීම පවත්වලා ඕන තරම් මට බනින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙතැනට ඇවිත් පාරේ ගිහින් කෝලහාල කරන්න බැහැ” යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (01දා) අනුරාධපුරයේදී පැවසීය.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය කළ අතර එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“මම ජනාධිපති වුණේ රටේ විශාල අවුලක් තිබුණු වෙලාවක. පාර්ලිමේන්තුව අල්ලගන්න තත්ත්වයට ඇවිත් තිබුණේ. එදා හමුදාව, පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ගත් පියවරට මම අද ස්තුති කරනවා. ඒ පියවර ගත්තේ නැත්නම් අද අපිට මෙහෙම ඉන්න බැහැ. ආණ්ඩුව තුළ විශාල ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න තිබෙනවා. අලුත් බඳවාගැනීම් නවත්වලා තිබෙනවා. පිරිස අඩු කරනවා. ඒක ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් බලපානවා. 2028 වනවිට ත්‍රිවිධ හමුදාවේ සංඛ්‍යාව බොහෝදුරට අඩුවෙයි.

පොලිසියේ සංඛ්‍යාව ටිකක් වැඩිකරන්න වෙලා තිබෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා. රාජ්‍ය සේවයේ ඒක වෙන්නේ නැහැ. අපි අලුත් ආරක්ෂක උපක්‍රම සකස් කරගන්න තිබෙනවා. මුහුද, ගුවන මොකක් වෙයිද අපි දන්නේ නැහැ. ගොඩබිමේ හමුදාව කොහෙට යවන්න වෙයිද දන්නේ නැහැ. අපිට සූදානම් වෙන්න තියෙන්නේ ඊළඟට එන ප්‍රශ්නයට. ඒ සඳහා විශේෂ පියවර කිහිපයක් අපි ගන්නවා. මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා තද නීති ගේන්න මම උපදෙස් දුන්නා.”
අනුරාධපුර – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment