මම ජීවිතේට කිතුල් ගහකට නැඟලා නැහැ – පොඩි මුදියන්සේ ගැන දුලාන් කියන කතාව

420

සරාගේ කනේ පහර ජීවිතේටම අමතක වෙන්නේ නැහැ

මගේ ගම ගාල්ල කොට්ටව. මම අධ්‍යාපනය ලැබුවේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පසුව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳව උපාධිය හැදෑරුවා. ඊට පසුව මෙල්බර්න් මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරුවා. මගේ තාත්තා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. අම්මා ගෘහනියක්. මම ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කළා. පසුකාලීනව අධිකරණ අමාත්‍යාංශයේ” කෘෂිකර්ම” අමාත්‍යාංශයේ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඔස්ටේ්‍රලියාවේ හා චීනයේ තානාපති කාර්යාලවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වශයෙන් ද කටයුතු කළා.

මම ජීවිතේට කිතුල් ගහකට නැඟලා නැහැ - පොඩි මුදියන්සේ ගැන දුලාන් කියන කතාව

අපි මේ කතාවට පුංචි බාධාවක් කළේ ඔයාල බලනවා ඇති මේ කවුද කියලා. ඇත්තටම මේ කවුද? අපි මෙහෙම කියන්නම්කෝ ආරම්භයේ ඉඳලා අවසානය තෙක්ම ප්‍රේක්‍ෂක ආකර්ෂණය එක දිගටම තිබුණු නාඩගම්කාරයෝ පවුලට එකතු වුණු සාමාජිකයකුගේ ජීවිතයේ ආරම්භය තමයි එලෙස ඔහු මීවිතට කිව්වේ. ඔහු නාඩගම්කාරයෝ පවුලේ පොඩි මුදියන්සේ. ඊයේ පෙරේදා  සරාගෙන් හොඳ කනේ පහරක් එහෙම කෑවා මතකද? ඔහු නමින් දුලාන් හෙට්ටිආරච්චි.

මම ජීවිතේට කිතුල් ගහකට නැඟලා නැහැ - පොඩි මුදියන්සේ ගැන දුලාන් කියන කතාව

● දුලාන්ගේ ජීවිතයට පොඩි මුදියන්සේ හමුවුණේ මෙන්න මෙහෙමලු…

ඇත්තටම ඒක අහම්බයෙන් සිදුවූවක්. ස්වර්ණවාහිනියේ සුදේව හෙට්ටිආරච්චි කියන්නේ මගේ හිතවතෙක්. ඔහු සහ නාඩගම්කාරයෝ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර” නිෂ්පාදක චාමර සමරවික්‍රම යන අයගේ ආරාධනයෙන් තමයි මා මේ කතාවට එකතු වෙන්නේ.

මම ජීවිතේට කිතුල් ගහකට නැඟලා නැහැ - පොඩි මුදියන්සේ ගැන දුලාන් කියන කතාව

● පොඩි මුදියන්සේගේ චරිතය එකවර භාර ගත්තද?

මම හැදුණේ වැඩුණේ ගාල්ලේ ඉඳල කිලෝ මීටර් 15 ක් පමණ ගියාම හම්බවෙන අතිශය දුෂ්කර නමුත් හරිම සුන්දර කොට්ටව කියන ගමේ. මම ගම ගැන දන්න කෙනෙක්. ගමෙන් ආපු කෙනෙක් විදියට මට පොඩි මුදියන්සේ කියන චරිතය අලුත් නෑ. රංගනයට ආධුනිකයෙක් වුණාට සැබෑ ජීවිතයේ මෙවැනි චරිත සමඟ එදිනෙදා කටයුතු කරපු චරිතයක්. ඒ හින්දම මම පොඩි මුදියන්සේ කියන චරිතයට කැමැති වුණා. මොකද මම ටෙලි නාට්‍ය ගැන හිතලවත් තිබුණේ නැහැ.

● පොඩි මුදියන්සේ ගැන මොකද හිතුණේ?

ඇත්තටම අපේ ගම්වලත් ඉන්නවා  අඳගොවියෝ. අපි අඳගොවියා දිහා බලන්නේ වපර ඇසින්. මේ මනුස්සයා කවදාවත් හරියට අඳේ ගෙවන්නේ නැහැ.

අඳගොවියාගේ ජීවිතයේ අඳුරු කතාවක් තියෙනවා. මම අඳගොවියෙක් නොවුණාට අපේ ගෙදරට ගෙවල් දෙක තුනකට එහා පැත්තෙ ඉන්න අඳගොවීන්ගේ දුක් අඳෝනා මට දැනිල තියෙනවා.

● මේක ඔබේ පළමු රංගන අත්දැකීම?

රංගනයට මට ආසාවක් තිබුණේ නැහැ. මම ජීවිතය පටන් ගත්තෙත් මාධ්‍යවේදියෙක් විදිහට. ජනසන්නිවේදනයෙන් තමයි මම උසස් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ. මාධ්‍යයි” නාට්‍ය කලාවයි කියන්නේ දෙකක්. මට අඳගොවියාගේ චරිතය ආරූඪ කරගන්න ගොඩක් වෙලා ගියේ නැහැ. නාඩගම්කාරයෝ අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්” පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර” නිෂ්පාදක චාමර සමරවික්‍රම කියන්නේ එක පවුලක් වගේ. පිටපත් රචකයා වර්තමානයේ පවතින ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන්නේ කොහොමද කියන කාරණාවට” ඩොලර් ප්‍රශ්නයට විසඳුම් මනාව පෙන්වලා තියෙනවා. දේශපාලනඥයාගේ සැබෑ ස්වරූපය හොඳට පෙන්නුවා. නාඩගම්කාරයෝ කියන්නේ සත්‍ය පෙන්නපු දෙයක්.

● පොඩි මුදියන්සේට ලැබෙන ප්‍රතිචාර

මගේ කටහඬ අනෙක් අයට වඩා වෙනස් හින්ද මුව ආවරණ පැළඳ ගියත් ආ මේ පොඩි මුදියන්සේ නේද? කියලා අහනවා. මේ කතාව තුළ ජීවත්වෙන මිනිස්සු ඉන්නවා කියලා මට දැනිලා තියෙනවා. මාස්ටර්ගේ අඳේ ගෙවන්න කියන තරමටම මට ප්‍රතිචාර ලැබුණා.

● පොඩි මුදියන්සේ හින්දා දුලාන් හරි හරි අකරතැබ්බයන්ට මුහුණ දුන්නා නේද?

ඔව් ඔව් ලොකු අපහසුතාවන්ට පත්වුණු  අවස්ථා තියෙනවා. මම ජීවිතේට කිතුල් ගහකට නැඟලා නැහැ. කිතුල් ගහට නැග්ගහම බහින්න දන්නේ නැහැ. උණ ගහට නැඟලා දෙපාරක් වැටෙන්න ගියා. කැමරා අධ්‍යක්‍ෂ පස්පාරක් විතර කිතුල්ගහට නැග්ගෙව්වා. හට්ටියක් ඇඟේ වැටිලා තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලෙ යන්න තමයි වෙන්නේ. ෂූටින් ගිය පළමු දවසෙම උදැල්ලක් බැඳගෙන බයසිකල් පදින දර්ශනයක් තිබුණේ. සුන්දර අත්දැකීම් ගොඩක් එකතුවෙලා තියෙනවා.

● මේ චරිතය හින්දා වෙනත් ආරාධනා ලැබුණේ නැතිද?

ඇත්තටම ගොඩක් රඟපෑමට ආරාධනා ලැබුණා. රාජකාරී කටයුතු වගේම මගේ අවිවේකයත් එක්ක ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කළා. අනික රූගත කිරීම් තිබුණේ තිස්සමහාරාම හම්බන්තොට වගේ ප්‍රදේශවල. තව මම විදෙස්ගතවෙන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නේ.


● යළි රඟපාන්න අදහසක් නැහැ?

රඟපෑමට ඇත්තටම ආසයි. මම මේ වගේ චරිතවලට ගොඩක් ආසයි. මේක අලුත් අත්දැකීමක්.

● සරා ඇත්තටම ද කනේ පහර ගැහැව්වේ

මම හිතුවේ නැහැ සරා ඇත්තටම ගහයි කියලා. පිටපතේ තිබුණේ පහර දෙනවා කියලා. මම හිතුවේ කන ගාවට ගහවි කියලා. රතුවෙලා ඇඟිලි පහම හිටින්න සරා ගැහැව්වා. කන ඇහෙන්නේ නැති ගානට වැදුණා. සරාගේ කනේ පහර නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment