මම නීතිඥයෙක් ප‍්‍රසන්න ගැන මධුර කතා කරයි

326

මොණරාගල වැනි දුෂ්කර ප‍්‍රදේශයක කෙසෙල් ගොවිතැනින් ජීවත් වන ප‍්‍රසන්න විවාහකයෙක්. ඒ වගේම ඔහු දියණියකගේ ආදරණීය පියෙක්. ආර්ථික අපහසුතා නිසාම වගා කටයුතු සඳහා ගමේ මල්ශාලා හිමියෙක් වන රුබේරු  මුදලාලිගෙන් පොළියට සල්ලි ගත්තත් ප‍්‍රසන්නට ඒ පොලී මුදල් ගෙවන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු සියදිවි නසාගන්න තීරණය කරනවා. නමුත් ප‍්‍රසන්නගේ  බිරිඳ ඔහුව බේරා ගන්නවා. ඊට පස්සේ ප‍්‍රසන්නත් ඇගේ බිරිඳත් දරුවාත් රුබේරු මුදලාලිගෙන් බේරෙන්න කොළඹට එනවා. කොළඹ දී ගෙවන දුෂ්කර ජීවිතය සහ අභියෝග ජය අරගෙන ප‍්‍රසන්න ජීවිතය ජය ගන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න නම් අපිට මෙට්‍රෝ හීන ටෙලිනාට්‍ය දිහා තවත් ටික දවසක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.

 කොහොම වුණත් මෙට්‍රො හීන වල ප‍්‍රසන්නගේ චරිතයට පණ පොවන මධුර ප‍්‍රභාශ්වර ට අපි මෙවර මීවිත පිළිසඳරට ආරාධනා කළා. මේ වන විට රංගන ශිල්පියකු ලෙස ජනප‍්‍රියත්වයට පත්ව සිටියත් මධුර වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහු කොළඹ මහාධිකරණයේ සිය රාජකාරි කටයුතුවල නිරත වෙනවා. නීතිඥ වෘත්තිය වගේම රඟපෑමත් වෘත්තීමය වශයෙන් සිදු කරනවා කියලා මධුර අපිට කිව්වා.

 ‘මගේ ගම නිකවැරටියේ කොබෙයිගනේ පහල මාවුල්ල. පොඩි කාලේ අපේ ගම්වල තිබුණ නාට්‍ය සංදර්ශන බලන්න අපිත් යනවා. ඒවා බලද්දි මටත් රඟපාන්න ආසාවක් ඇති වුණා. නාට්‍ය සංදර්ශනවල රඟපානවා කියන එකයි කැමරාවක් ඉදිරියේ රඟපානවා කියන එකයි වෙනස් කියලා මම පස්සේ තේරුම් ගත්තා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වුණාට පස්සේත් වේදිකා නාට්‍යවලත් රඟපාන්න ගිහින් තියනවා. පොඩි කාලේ ඉඳලා තිබුණු කැමැත්ත අනුව තමයි මම රංගනයට යොමු වුණේ.

 නීතිඥවරයෙකු වූ මධුර රංගනයට සම්බන්ධ වීම පිළිබඳ මතකය එලෙසින් අවදි කළා. 2010 වර්ෂයේ රඟපෑම සඳහා එක්වී ඇති මොහු මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයක ප‍්‍රධාන චරිත රඟපා තිබීම සුවිශේෂී කාරණාවක්. ත‍්‍රීවිල් ඩයරීස් නම් චිත‍්‍රපටය මධුරගේගේ පළමු රංගන අත්දැකීමයි. ඉන්පසුව ඒ ලෙවල් ඉවරයි” අඩෝ වැනි ටෙලිනාට්‍ය කිහිපයකම ප‍්‍රසිද්ධ චරිත සඳහා රංගනයෙන් දායක වෙන්න මධුරට අවස්ථාව ලැබිලා තියෙනවා.

මම නීතිඥයෙක් ප‍්‍රසන්න ගැන මධුර කතා කරයි



 ‘ප‍්‍රසන්න කියන ගොවියාගේ චරිතයට සමාන මිනිසුන් මම ගමේදී ඕනෑතරම් දැකලා තියෙනවා. මට ඒ ගැන හොඳට අත්දැකීම් තියනවා. ගමේ අය කුඹුරු වැඩ කරන මහන්සි වෙන විදිහ මම දන්නවා. ගැමි චරිත මට අරුමයක් නොවෙයි. ඒ නිසා ප‍්‍රසන්න ගේ චරිතයට අවතීර්ණ වෙන එක අමාරු වුණේ නෑ. මට පුළුවන් උපරිමයෙන් ඒ චරිතය කරන්න හැම වෙලේම උත්සාහ කරනවා..

 නිකවැරටිය වැනි ප‍්‍රදේශයක හැදීවැඩුණු නිසා ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් සමීප අත්දැකීම් තිබෙන බවත් ඒ නිසා ප‍්‍රසන්න ගේ චරිතය කිරීමට ඔහුට අපහසු නොවූ බවත් නීතිඥ වෘත්තිය තුළත් ප‍්‍රසන්නට බොහෝ සමානකම් ඇති” විවිධාකාර හේතු නිසා පීඩාවට පත්වුණුු මිනිසුන් නිතර මුණ ගැහෙන බවටත් මධුර සිහිපත් කළා.

 ‘ප‍්‍රසන්න ගේ චරිතයට පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා. විශේෂෙන්ම රාජකාරි කටයුතුවල නිරත වන අවස්ථා වලදීත් මගේ පේ‍්‍රක්ෂකයින් මාව

 මුණගැහිලා කතාබහ කරන වෙලාවල් තියෙනවා. ඔවුන් මගේ රඟපෑම් අගය කරද්දි මට විශාල සතුටක් දැනෙනවා. නීතිඥ වෘත්තිය සිදු කරන අතරම මම රඟපෑමටත් උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

 එකිනෙක වෙනස් ක්ෂේත‍්‍රවල වෘත්තීන් දෙකක නියැලීම අසීරු නැතිදැයි අප ඇසූ ප‍්‍රශ්නයට මධුර මෙලෙස පිළිතුරු දුන්නා.

 ‘මට රඟපෑම සඳහා ආරාධනා ගොඩක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දට ටෙලිනාට්‍යයක දෙකක වගේ තමයි රඟපාන්නේ. ඒ නිසා වෘත්තීන් දෙක එකිනෙකට ගැටෙන්නේ නෑි හැමදේම සමබරව කරගෙන යන්න මම උත්සාහ කරනවා..

 මධුර විවාහ වී සිටින්නේද නීතිඥවරියක සමඟයි. එමෙන්ම මේ වන විට ඔවුන්ට කුඩා දියණියක් සිටිනවා. මධුරගේ බිරිඳ සියලූම අවස්ථාවන්වලදී ශක්තියක් වන බවටත් රඟපෑම සඳහා අවශ්‍ය වටපිටාව සකසා දෙන බවටත් ඔහු සිහිපත් කළා. තම ආදරණීය බිරිඳ ගෙන්” මව පියාගෙන්

 සහ සහෝදර සහෝදරියන්ගෙන් මධුරගේ රංගන ජීවිතයට ලැබෙන ශක්තිය ඔහුගේ සාර්ථකත්වයට හේතුවයි.

 කෙසේ වෙතත් මධුර රංගනයෙන් දායක වන තුන්පනේ ටෙලිවෘතාන්තය ලබන මස 21 වන දා සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිත බව ද මධුර සිහිපත් කළා.

 නීතිඥ වෘත්තිය කියන්නෙත් කලාවක්. ඒ රැකියාවෙන් බොහෝ මිනිසුන්ගේ ගැටලූ නිරාකරණය කරන්න අවස්ථාව

 ලැබෙනවා. රඟපෑම කියලා කියන්නෙත් කලාවක්. රඟපෑම මඟින් පේ‍්‍රක්ෂකයන්ට මානසික සහනයක් දෙන්න වගේම වින්දනයක් ලබා දීමටත් හැකියාව තියෙනවා. ඒ නිසා රැල්ලට නොයා ලැබෙන චරිත තෝරා බේරාගෙන කලාවට සාධාරණයක් කරන ගමන්ම රාජකාරිය කටයුතුවලත් නියැළෙන්න මම හැමවෙලේම උත්සාහ කරනවා.


 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment