‘මම නෙමෙයි’ ඩකා යයි

199

ප්‍රවීණ නාට්‍යකරුවෙකු වන එම්. සෆීර් පළමු වරට අධ්‍යක්ෂණය කරන ලද “මම නෙමෙයි” චිත්‍රපටය බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ “සිනමා ඔෆ් වර්ල්ඩ්” තරගකාරි අංශය සඳහා තෝරාගෙන ඇත. 22 වෙනි වරට පැවැත්වෙන ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2023 ජනවාරි 14 සිට 22 දක්වා බලංගලාදේශයේ ඩකා අගනුවර පැවැත්වෙයි.

“මම නෙමෙයි” චිත්‍රපටයේ ප්‍රවීණ රංගවේදී දිල්හාන් ඒකනායක හා ප්‍රවීණ රංගවේදී සංජීව උපේන්ද්‍ර රංගනයෙන් දායක වෙයි. කැමරාකරණය සුරන් බෝපිටිය වන අතර, සංස්කරණය අසංක වික්‍රමසිරි විසිනි. සංගීතය දුමිඳු කඩිගමුව ගෙනි. රේඛිය නිෂ්පාදක එම්. සෆ්රාස්ය. මහීල් මධුසංක, තරිඳු ඉලේපෙරුම, සම්පත් රාජපක්ෂ, නිරෝශ් කවිරත්න සහ සුජීව පතිනිසේකර “මම නෙමෙයි” චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙයි. එසේම එම උළෙලට සමගාමීව පැවැත්වෙන “වෙස්ට් මීට් ඊස්ට් ස්ක්‍රීන් ප්ලේ ලැබ්” දකුණු ආසියානු ව්‍යාපෘතියේ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට එම්. සෆීර්ට ආරාධනා කර ඇත. එම්. සෆීර් ශ්‍රී ලංකීය රංග කලාවට බොහෝ නූතනත්වයන් එක් කළ ප්‍රවීණයෙකි. ඩකා ජතාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා සහභාගිවීමට එම්. සෆීර් සහ නිෂ්පාදකවරුන් වෙනුවෙන් තරිදු ඉලේපෙරුම දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment